සටහන – රුවන් නෙළුගොල්ල
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහැන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ ඉන්දියාවේ සිට අද (27) අලුයම ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.
ඒ අනුව ඔහුව මෙරට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද (27) අලුයම 05.55 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව සඳහන්.
2024 වසරේදී දෙසැම්බර් 09වෙනිදා ඇප මත නිදහස් වීමෙන් අනතුරුව ඉන්දියාව වෙත මුහුදු මගින් පළා ගිය පොඩි ලැසී, 2025 වසරේ ජනවාරි මස ඉන්දියාවේ මුම්බායි නුවරදී එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ, රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීම මත ය.
ශ්‍රී ලංකාවට රැගෙන ආ පොඩි ලැසී වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට කටුනායක ගුවන් තොටුපොළේ සිට දැඩි රැකවල් මධ්‍යයේ රැගෙන ගොස් ඇත.

The post ඉන්දියාවේදී ඇල්ලූ පොඩි ලැසී ශ්‍රී ලංකාවට රැගෙන එයි appeared first on LNW Sinhala.
Saru News













