සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ තවත් තරග ඉසව් 9ක් අද ඇරඹේ

0
7

ශ්‍රී ලාංකේය පාසල් කෙළිබිමේ සුවිශාලතම හා ප්‍රමුඛතම ක්‍රීඩා එකතුව ලෙස සැළකෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ තවත් තරග ඉසව් 09 ක් මේ සතියේ දී ක්‍රියාත්මක කෙරේ.

මෙවර ක්‍රීඩා උළෙලේ දෙවන අදියර යටතේ හොකී, ක්‍රිකට් (සැහැල්ලු පන්දු ක්‍රිකට්), වොලිබෝල්, පැසිපන්දු, මේස පන්දු, බර ඉසිලීම, කරාතේ, ඇරොබික් ජිම්නාස්ටික් සහ වූෂූ තරග ක්‍රියාත්මක කිරීමට සංවිධායකයන් වන අධ්‍යාපන අමාත්‍යාශය පියවර ගෙන ඇත.

මෙහි ප්‍රථම අදියර පසුගිය මස 25 සිට සැප්තැම්බර් 02 දක්වා ක්‍රියාත්මක කෙරුණි. එයට අයත් වූ ක්‍රීඩා තරග ඉසව් සංඛ්‍යාව 10 කි.

මෙම අදියරේ තරග ඉසව් සැප්තැම්බර් 12, 13, 14, 15 16 සහ 17 දිනවල බස්නාහිර, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව යන පළාත් මුල් කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

හොකී, ක්‍රිකට් (සැහැල්ලු පන්දු ක්‍රිකට්), වොලිබෝල්, පැසිපන්දු, බර ඉසිලීම, කරාතේ, ඇරොබික් ජිම්නාස්ටික් සහ වූෂූ තරග අද (12) ආරම්භ කරන අතර මේස පන්දු තරගාවලිය සඳුදා (15) දින ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here