විදේශ කටයුතු ඇමති රුමේනියාවේ නිල සංචාරයක

0
5

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා, 2026 මාර්තු 1 වැනි දින සිට 3 වැනි දා දක්වා රුමේනියාවේ නිල සංචාරයක නිරත වෙයි.

මෙම සංචාරය අතරතුරදී, අමාත්‍ය හේරත්, රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා, රුමේනියාවේ කම්කරු, පවුල්, තරුණ හා සමාජ සහයෝගීතා අමාත්‍යවරයා සහ රුමේනියාවේ ආර්ථික, ඩිජිටල්කරණ, ව්‍යවසායකත්ව සහ සංචාරක අමාත්‍යවරයා සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීම්, විවිධ අංශ හරහා දෙරට අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කිරීම සහ වැඩිදියුණු කිරීමේ අරමුණින්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ව්‍යුහගත ශ්‍රමික හුවමාරු ඉහළ නැංවීම, ආයතනික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ආරක්ෂිත, ක්‍රමවත් සහ නිත්‍ය සංක්‍රමණය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවල විශේෂ අවධානයක් යොමු වේ.

අමාත්‍යවරුන් දෙදෙනා, කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක්, මෙම සංචාරය අතරතුරදී, අත්සන් කරනු ඇත. මෙම අවබෝධතා ගිවිසුම මගින්, ශ්‍රම හා රැකියා ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා විධිමත් රාමුවක් ස්ථාපිත කෙරෙනු ඇත. එමඟින්, පාරදෘශ්‍ය, නියාමනය කරන ලද සහ අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී ආකාරයකින්,  එම සහයෝගීතාව සිදු කෙරෙන බව සහතික කෙරෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here