අද අධ්‍යාපනය හරිම තරඟකාරීයී. පෙර පාසල් වියේ පටන්ම දරුවන් අධ්‍යාපන ඉලක්ක තියෙනවා.මේ අධ්‍යාපන රටාව තුල විෂය කරුණු මතක තබා ගැනීම නම් බෙහෙවින්ම වැදගත්. ඒත් විෂය කරුණු බොහෝමයක් මතකයේ ගබඩා කර ගන්න එක නම් ලේසි පහසු නැහැ. කොහොම වුණත් මෙම කාරණා විෂය කරුණු පාඩම් කරන ඔබේ දරුවාගේ අධ්‍යපයෙදී මතක තබා ගැනීමට ඉවහල් වනු ඇති.
කොයි තරම් පොත අතේ තියාගෙන කියවගෙන ගියත් පලක්නැහැ එම කරුණු නිසියාකාරව අවධාරණය වුණේ නැත්නම්. විෂය කරුණු අවධාරණය වන්නට නම් මනස ඒකාග්‍ර කරගත යුතුය. ඒසඳහා අවට පරිසරයෙන් ඇති වන බාධා අවම කළ යුතුය. රූපවාහිනිය, රේඩියෝව වැනි උපකරණවලින් බාධා ඇති නොවන ස්ථානයක් පාඩම් කිරීම සඳහා යොදා ගන්න.
ගොඩක් වෙලාවට අපි එක දිගට පාඩම් කරපු විෂය කරුණු අපි මතකයේ රැදෙන්නෙ ැහැ. ප්‍රශ්න පත්‍රය අතට ගත්තම මේ වගේ දෙයක් පාඩම් කලා කියලා මතකයේ තිබුණට පිළිතුරු ගලපගන්න බැරි වුණ අවස්ථා අපටත් උදා වෙලා තියෙනවා.සෙමහරුන් විභාග ලං වුණාම වතුර බේසම් වල කකුල දමාගෙන් නිදිමරාගෙන පාඩම් කරනවා.ඒත් නීරෝගී වැඩිහිටියෙකුට පවා එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කරගෙන සිටිය හැකි උපරිම කාලය මිනිත්තු 30 ත් 40 ත් අතර කාලයක්. ඉතින් ඒ කාලය ඉක්ම වූ පාඩම් කිරීම නිශ්ඵල උත්සහයක්. එනිසා පාඩම් කරන අතර තුර 5ක 10ක කෙටි විවේකයක් ගන්න. ඔබ ප්‍රිය කරන ගීතයක් ඇසීම, ගායනය කිරීම,පරිසරය විඳ ගන්න, නිවසින් පිටතට ඇවිද ඒකාකාරී බව නැති කරගෙන නැවත පාඩම් කිරීම ආරම්භ කරන්න. එක දිගට පාඩම් කිරීමට වඩා පාඩම් කරන අතර කෙටි විවේකයක් ගෙන පාඩම් කිරීම වඩාත් ඵලදායී බව පර්යේෂණයන් මගින් ද තහවුරු කර ඇත.
හායි හීලී නැන්සි පෝලන්තේ රුබී සිසි එංගලන්තේ මතකද අපි ආවර්තිතා වගුව මතකයේ තබා ගන්න පාඩම් කරපු ගීතය. ඉතින් අපට පුළුවන් විෂයකරණු මතකයේ තබා ගන්නට මේ වගේ කවි, ගීත හෝ කුඩා වාක්‍ය කණ්ඩ ගොඩ නගාගන්න.
අපි කරනඕනෑම කටයුත්තක් අවබෝධයක් නොමැතිව කලොත් එහි කිසිඳු ප්‍රතිඵලයක් අත්වෙන්නෙ නැහැනේ. ඉතින් පාඩම් කරන විටත් විෂය කරණු මතකයේ රැඳෙන්නට නම් අවබෝධයෙන් ඒ කටයුත්ත කළ යුතුයි. අපේ මොළයත් දත්ත ගබඩාවක්. ඉතින් අද මතකයේ තැන්පත් කල දෙයක් නැවත මතකයට නගා ගැනීමට නම් අප එය දිගු කාලීන මතකයේ තැන්පත් කර තැබිය යුතුයි. අවබෝධයකින් තොරව පාඩම් කරන දේවල් මතකයෙ රැදෙන්නෙ නැහැ. විෂය කරුණු මතකයේ රඳවා ගැනීමට නම් පළමුව එම කරුණ නිර්වචනය කරගන්න. ඉන් පසු එය පිළිබඳ තව විස්තර කියවමින් අධ්‍යයනය කරන්න. මේ අකාරයට කිහිප වරක් කිරීමෙන් ඔබට පහසුවෙන් මතක තබාගත හැකි බව ඔබට වැටහෙනු ඇත.
විෂය කරුණු විශාල ජේද ලෙස මතකයේ තබා ගන්නවාට වඩා විෂය කරුණු චිත්‍රණය කිරීම තුලින් මතකයේ රඳවා ගැනීම පහසුය. ඒ සඳහා වගු ,රූප සටහන් ,ප්‍රස්ථාර ආදිය භාවිතයට ගත හැකිය. එසේම ඔබේ සටහන් තුල ඇති වැදගත් කරුණු වෙනත් වර්ණවත් පෑනකින් ලිවීම හෝ හයිලයිට් කිරීම තුලින් විශේෂීකරණය කිරීමෙන් ද එම විෂය කරුණු මතකයේ රඳවා ගැනීමට පහසු වෙනවා.
පර්යේෂණ මගින් පෙන්වා දෙනුයේ ශබ්දනගා කියවීම මතක තබා ගැනීමේදී සාර්ථක ක්‍රමයක් වන බවයි.
මනෝවිද්‍යාඥයින් හෙළිකරගෙන ඇති තවත් කරුණක් වනුයේ අප උගත් දෙයක් තවත් අයෙකුට කියා දෙන විට ඒ සම්බන්දයෙන් අපගේ අවබෝධය සහ මතකය වර්ධනය වන බවයි. එමගින් ඔබ උගත් දෑ පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් වන අතරම මතකයද වර්ධනය වනු ඇත.
Saru FM Media