සලේ ඇතුළට යද්දී ඉන්දියානු මහකොමසාරිස් රනිල් හමුවුණේ ඇයි ?

0
3

මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව හමුවී තිබේ.

අද (25) පෙරවරුවේ කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී මෙම හමුව සිදුවී ඇති අතර ඔවුන් දෙදෙනා පැයකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කර ඇති බව සඳහන්.

එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍යයට කිසිදු විස්තරාත්මක තොරතුරක් කිසිදු පාර්ශ්වයක් විසින් නිකුත් කර නොමැති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් මෙරට ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ X පණිවිඩයකින් දැක්වෙන්නේ මහකොමසාරිස්වරයා සහ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික පරිණාමන තත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වූ බවත් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ගැඹුරට වර්ධනය කරගැනීමේ අවස්ථා ගැන අදහස් හුවමාරු කරගත් බවත් ය.

The post සලේ ඇතුළට යද්දී ඉන්දියානු මහකොමසාරිස් රනිල් හමුවුණේ ඇයි ? appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here