කිරි කැටියාට මෙන්ම ඔබට අවශ්‍ය දේ ද කල්වේලා ඇතිව සූදානම් කරගත යුතුය. මෙසේ අවශ්‍ය බඩු බාහිරාදිය සූදානම් කර ගැනීමේදී තමන්ගේ ආර්ථීකයට සරිලන පරිදි අවශ්‍යතාව පරිදි ඒවා සකස් කරගැනීමට මතක තබාගත යුතුය.
පෙර සඳහන් කළ මෙම බඩු ලැයිස්තුව අනුව සූතිකාගාරය තුළට ගෙන යා යුතු දේවල් වෙනම බෑගයකට දමා එහි මවගේ නම ලියා වෙනමම සූදානම් කරගත යුතුය.
මව විසින් පිළියෙල කරගත් හෝ සාප්පුවෙන් මිලදී ගත් ඇඳුම් රෝහලට ගෙන යාමට පෙර හොඳින් සෝදා තද අව්වේ වේලා හොඳින් මැද ගැනීම කළ යුතුය. එමෙන්ම සුුදුසු පරිදි ඇදුම් වර්ග කර වෙන වෙනම අසුරා ගැනීම සුදුසු වේ.
උදාහරණ ලෙස : රෝහලට ගෙන යන ඇදුම්, සූතිකාගාරයට ගෙන යන ඇදූම් ආදී ලෙස වේ.
ඒ මගින් ඔබ නැතත් ඕනෑම කෙනෙකුට අවශ්‍ය දේ ඔබ වෙත ගෙනවිත් දීමට හැකිවනු ඇත. සෑම කාන්තාවක්ම තම නිවස වෙන කවරදාටත් වඩා පිරිසිදු කර මනාව සංවිධානාත්මකව සකස් කිරීම සිදු කරනවා. මුළු නිවසම නැවත සකස් කිරීමක් සිදු වෙනවා කිව්වොත් නිවැරදියි. හරියට අලූත් ව්‍යාපෘතියක් දියත් කරනවා වගේ.
සති 35 දී, ඔබ ඉන්නේ ඔබේ බිළිඳා ලැඛෙන්න නියමිත දිනට හරියටම මාසයකට ඈතින්. ඔබේ සහකරු දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා ඔබේ දරු ප්‍රසූතිය සිදුවන රෝහල පිළිබඳව. එමෙන්ම ඔබට ලබා දී ඇති දිනයේදී දරුවා ලැබීමට පැය 24 කට පෙර රෝහලට පිටත්ව යාමට මතක තබාගත යුතු වෙනවා.
රෝහලට යාම පිළිබඳ පෙර සූදානමක් ලෙස ඔබ දෙපලට රෝහලට යාමට හොඳම කාලය මෙයයි. ඒ තුළින් ප්‍රසූතිකාගාරය ඇත්තේ කොහිද? වාට්ටු ඇත්තේ කොහිද? පළමුව යා යුත්තේ කොතැනටද යන ආදී දේ පිළිබඳ පෙර සූදානම් වීමක් ඇති කර ගැනීමට ද හැකියාවක් ලැඛෙනවා.
Saru FM Media