“සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනි…” යනුවෙන් ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් අකුරු ඇමිණුයේ ආදරය වෙනුවෙනි.
අම්මා උපමා ලැබුයේ සඳටය. ඒ සඳට එළිය දෙන සදාතනික ආදරයේ හිරුඑළිය තාත්තාගෙනි.
” මම අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ ” ( I’m pregnant ) හී සිට ” අපි දෙමාපියන් වෙන්නයි යන්නේ” ( We are pregnant) දක්වා ඒ උණුසුම් ආදරණීය පණිවිඩය වෙනස් වුන විවෘත සමාජයක සිට ලියමි.
අළුතෙන්ම තාත්තෙක් වෙන්න යන කෙනෙක්ට ඇති වෙන හැඟීම් මොන වගේද?
අද කතාව ඒ ගැන…
පිරිමි හිත් දැඩි බව අපි විශ්වාස කරන්නේ අනාධිමත් කාලයක ඉදන්. ඒ උනත් තමන්ගේ ලේ වලින් හැදුන පුංචි පැටියෙක් තමන්ගේ ජීවන සහකාරියගේ කුසේ වැඩෙනවා කියන ආරංචිය ඔහුට දැනෙන්නෙ කොහොමද? කවදාවත් ඔබ හිතුවද? අම්මෙක් කුස දරන මුත් තාත්තෙක් සදහටම හිතේ දරන පියවත්කම වචන වලට හරවන්නේ කොහොමද?
“මට එක පාරටම මතක් උනේ මීට අවුරුදු තිස් පහකට කලින් මගේ තාත්තා එයාගේ දිනපොතේ ලෝකෙට හොරෙන් තියපු , මම මේ මෑතකදි දැකපු අකුරු පේලි කීපයක්…… ” පුතෙක් උපන්නා…. රන්කැටි පුතෙක් උපන්නා…”… එදා තාත්තා වින්ඳ ඒ හැඟීම… ඒ විදියටම ඊට වඩා වැඩියෙන් මටත් දැනුණා..කඳුලුත් එක්කම… ඔව්…. සමහරවිට තාත්තා එදා අඬන්නත් ඇති…. සතුටට…”
කුශාන් ප්‍රේමසිරි- පුංචි දුවෙක්ගේ තාත්තා
ඔබ තාත්තෙක් වෙන්න යන බව දැන ගන්නේ නොසිතූ මොහොතක නම්, ඔබ මෘදු කම්පනයන්ට ලක්වෙන බව, වික්ශිප්තභාවයට පත් වෙන බව හෝ බොහෝ විට කිසිම දෙයක් සිතා ගත නොහැකි සිතුවිලි රික්තයකට යන බව අපිට වටහා ගන්න පුලුවන්.
ඔව් ඔබ ඒක සත්‍යයක් බව තේරුම් ගන්න පියවි ලෝකෙට එන්න යන පුංචි කාලසීමාවෙදීම ඔබ තාත්තා කෙනෙක්. ඒක කොයිතරම් සුන්දර හැගීමක්ද?
ඒත් සමහරවිට ඔබ තාත්තෙක් වෙන්න යන බව දැනගන්නේ ඔබේ සහ ඔබේ සහකාරියගේ සම්බන්ධතාවය දෙදරා ගිය හෝ යම් අභියෝගයකට ලක් වූ නපුරු නරක වෙලාවක නම් සමහර විට ඔබ තේරුම් ගන්න ඉගන ගනීවි ලේ බැඳීම් වතුර වලට වඩා බොහෝ ඝණකම්බව. ඔබට හිතේවි පළුදු වුන හිත් පිරියම් කරගෙන තමන්ගේ පුංචි පැටියා වෙනුවෙන් ඉදිරියට යායුතු බව. එහෙම නැතිනම් දරුවාට මවයි පියයි දෙදෙනාම වී ( single parenting) වගකීම ගන්න ඔබට සිතේවි. ඒ මොන තෝරාගැනීම ඔබ කලත්, ඔබ ආදරය යනු හුදෙක් නෛතික බැඳීමක් නොවන බවට ඔප්පු කරන හොඳ තාත්තා කෙනෙක් බවට පත් වේවි.
කාලයක්ම දරු සුරතල් බලන්න පෙරුම් පුරමින් සාපල්‍යතාව ( fertility) සඳහා වන විවිධ ප්‍රතිකාර අත්හදා බැලූ , තම සහකාරියගේ මාසික ඔසප් වීමෙන් කැබළි වලට බිඳී ගිය හිත දරාගෙන උන්නු ස්වාමිපුරුෂයෙක් නම් ඔබ,
” අපේ පුංචි පැටියා එන්නයි යන්නෙ ” ආරංචිය තරම් ඔබව අමන්දානන්දයට පත් කල වෙනත් ආරංචියක් ඇතැයි අපට සිතා ගන්නට බෑ. ඔබ තරම් මේ මොහොතේ ආනන්දයෙන් පසුවෙන පිරිමියෙක් ඇත්තම් ඒ තවත් තාත්තා කෙනෙක් පමණයි.
පුංචි පැංචාගේ ආගමනය ගැන බාහිර සමාජයට සන්නිවේදනය
———————————————————————
පුංචි පැටියට සති 12ක් වෙනකම් නිදහසේ කුස තුළ වර්ධනය වෙන්න ඉඩ හැරලා, ටික කාලයක් නිහඩව ඉන්නත්, පැංචා එන බව අන් අයට දැනුම් දීම ඒ කාලයේ ප්‍රමාද කිරීමත් සම්බන්ධයෙන් අළුත් තාත්තා කෙනෙක් විදිහට ඔබ ගත්ත තීරණයට සමාජයේ අපි ගෞරව කරනවා.එය පොඩ්ඩක්වත් වැරදි නැහැ.
ඇතැම්විට පළමු ත්‍රයිමාසිකයේදී සිදුවන ගබ්සාවීම්, විවිධ සංකූලතා, වැනි දේවල් දෙන්නා දෙමහල්ලොම තනිව දරාගනිමින් , වෛද්‍යවරයාට හෝ අනුබද්ධ කාර්‍ය්මණ්ඩලයට හැර වෙන කිසිවෙකුට නොපැවසීමට ඔබ ගත් තීරණය සමහර විට එසේ සිදුවන නරකම නපුරකින් පස්සෙ ඔබ සහ ඔබේ සහකාරියව සමාජය විසින් කරන දරුණු ප්‍රශ්න කිරිම් වලින් මුදවන බව අපිට විශ්වාසයි.
සහකරුවා හැටියට ඔබ තාත්තෙක් වෙන්න යන බව සමාජයට මුදා හැරියම,
“සුභ පැතුම් මචං“
“දැන් ඉතින් උඹට party දාන්න වෙන්නෙ නෑ. දරු සුරතල් තමා…”
” ආපෝ මොකට හදිස්සි උනාද?”
වගේ ප්‍රතිචාර වලට මුහුණ දෙන්න සිද්ධ වුනත් ඒ විවිධාකාර පුද්ගල වටහාගැනීම් සහ මතිමතාන්තර ගැන අළුත් තාත්තෙක් වෙන්න යන ඔබ මැදහත් සිතින් බලන බව අපට විශ්වාසයි.
පුංචි පැටියා මේ ලෝකෙට එනකම් අළුත් තාත්තාට පුළුවන්……
Saru FM Media