කමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ අලෙවිකළ යුද හමුදා ලොක්කෙක් අත්අඩංගුවට

0
8

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කමාන්ඩෝ සලින්ත නමැත්තාට T56 උණ්ඩ අලෙවිකිරීමේ චෝදනාවට යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අද (11) අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ හමුදා නිලධාරියා අත්අඩංගුවට ගන්නා විට මුලතිව් හි පාලාවි යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස සේවය කරමින් සිට තිබේ.

ඔහු ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ සමයේ T56 උණ්ඩ 260ක් අවස්ථා දෙකක දී කමාන්ඩෝ සලින්තට රුපියල් ලක්ෂ 6.5කට අලෙවිකර ඇති බවට චෝදනා එල්ල වි ඇත.

ඊට අමතරව ඔහුට විරුද්ධව චෝදනා 02ක් ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් හමුදා නිලධාරියා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here