වැජිනිස්මස් ගැන ඔබ අසා ඇති. සමහර විට ඔබ ඒ තත්ත්වයට මුහුණ දුන් අයෙක් විය හැකියි. එසේත් නැතිනම් කිසිවෙකුට කියාගත නොහැකිව හිතේ හිර කරන් ඉන්න විසදුමක් නැති වේදනාත්මක අත්දැකීමක් විය හැකියි. ඇතැම් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන මේ තත්ත්වය නිරාකරණය කර ගැනීමට නම් මූලිකව සිදු විය යුත්තේ ඒ පිළිබඳව අදාල විශේෂඥයන් වෙත යොමු වීමයි. කෙසේ වුවද වැජිනිස්මස් තත්ත්වය සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර ඇති බව බොහෝ දෙනෙකු නොදැනුවත්ය.
වැජිනිස්මස් යනු, කාන්තාවකගේ යෝනි මාර්ග විවරය හා ඒ ආශ්‍රිත මාංශ පේශීන් අසාමාන්‍ය ලෙස තද වීම (Muscle spasm) නිසා ලිංගික සංසර්ගයේදී යෝනි මාර්ගය විනිවිද යාම කාන්තාවට වේදනාකාරී වීම හෝ අපහසු වීම හෝ සංසර්ගයේ යෙදීමට නොහැකි වීමයි.
මෙය මූලිකව ප්‍රාථමික සහ ද්වියිතික ලෙස ආකාර දෙකකි.
කාන්තාවක් පළමු වරට සංසර්ගයේ යෙදීමේදී ඇති වන වැජිනිස්මස් තත්ත්වය ප්‍රාථමික වැජිනිස්මස් (Primary Vaginismus) තත්ත්වය ලෙසද යම් කාන්තාවක් සාර්ථක ලිංගික ජීවිතයක් ගත කරමින් සිට පසුකාලීනව වැජිනිස්මස් තත්ත්වයට පත් වීම ද්විතියික වැජිනිස්මස් (Secondary Vaginismus) තත්ත්වය ලෙසද හඳුන්වනවා.
වැජිනිස්මස් තත්ත්වයට බලපෑ හැකි විවිධ හේතු
උදාහරණ ලෙස ලිංගික අපහරණයට ලක්වීම, අතීතයේ ලිංගික ක්‍රියාවක් සම්බන්ධ අමිහිරි මතකය හෝ වේදනාකාරී සංසර්ගයක අත්දැකීමක් තිබීම
උදාහරණ ලෙස ලිංගික සංසර්ගයේ යෙදීමෙන් පසු ගැබ් ගැනීම ගැන බියෙන් පසු වීම වගේම පළමු ලිංගික එක්වීම වේදනාකාරී/අපහසු යැයි බියකින් පසුවීම
තවද මුත්‍රා ආසාදන, ශ්‍රෝණිය ආශ්‍රිත ශල්‍යකර්ම, යෝනි ශ්‍රාවයන් අඩු වීම, ඇතැම් පිළිකා තත්ත්ව ආදියද බල පෑ හැක. මේ තත්ත්වය හඳුනා ගැනීමට නාරි රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කළ යුතුයි.
කෙසේ වුවද වැජිනිස්මස් තත්ත්වයට පිළියම් යෙදීමේදී නාරි රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම මනෝ ව්‍යෛ විශේෂඥ වෛද්‍යවරයෙකුත් භෞත චිකිත්සක නිලදාරියෙකුත් සිටීම වැදගත් වනු ඇත.
වැජිනිස්මස් තත්ත්වයට භෞත චිකිත්සාවෙන් සිදුකරන ප්‍රතිකාර ක්‍රම
මූලිකවම සිදු කරන්නේ මේ තත්ත්වයට පත්ව ඇති කාන්තාව තක්සේරු කිරීමකට (Patient assessment) ලක් කරීමයි. ඒ හරහා අවශ්‍ය නිවැරදි ප්‍රතිකාර ක්‍රම වෙත යොමු කිරීමටත් හැකියාව ලැබෙනවා. මේ අවස්ථාවට කාන්තාව මෙන්ම ඇගේ ස්වාමි පුරුෂයාද දැනුවත් විය යුතු නිසාම ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර ක්‍රමවලදී සහභාගී වීම ඉතා වැදගත් වේ.
වැජිනිස්මස් තත්ත්වයේදී යොදාගන්නා භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමවල අරමුණු (Treatment Goals)
වැජිනිස්මස් තත්ත්වය නිසා ලිංගික සංසර්ගයට යොමු වීමට උත්සාහ දැරීමටවත් නොහැකි එනම් යෝනි පෙදෙස ස්පර්ශ කිරීමටවත් අපහසු තත්ත්වයේ සිටින කාන්තාවකට අභ්‍යාස ලබාදෙන පිළිවෙළ මෙසේය.
Progressive Desensitization (වැජිනිස්මස් තත්ත්වයේදී ප්‍රතිකාර කරන පිළිවෙළ)
1.තමන්ගේම ඇඟිලිවලින් යෝනි මග ස්පර්ෂ කිරීමට සැලැස්වීම
ඉහත සඳහන් කළ පියවර ඔස්සේ ඉදිරියට ගමන් කිරීම මගින් කෙමෙන් කෙමෙන් වේදනාකාරී තත්ත්වය පහව යන අතරම යෝනි මාර්ගයේ මාංෂ පේශී තද වීම වළක්වා ගැනීමට තමා විසින්ම කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව දැනුවත් කිරීමත් මෙහි එක පියවරක්. ඒ සඳහා,
එය මාංශ පේශී සැහැල්ලු කර ගැනීමට සහය වන අතරම තම ඇඟිල්ල යෝනිය තුළට ඇතුළු කර ව්‍යායාම කිරීමටත් මෙහිදී අදාල කාන්තාවට උපදෙස් ලබා දෙනවා
ප්‍රතිකාර අතරතුර සුදුසු ලිංගික ඉරියව් පිළිබඳව යුවළ දැනුවත් කරන අතරම එහිදී කාන්තාවට පාලනය කළ හැකි ක්‍රමයක් වන කව්ගර්ල් ඉරියව්ව මූලිකව යොදාගන්නට ඔවුන් දැනුවත් කරයි. මෙසේ තත්ත්වය සුව අතට හැරෙද්දී අනෙක් ලිංගික ඉරියව් වෙත යොමු වීමට අවස්ථාව සැලසෙනු ඇත.
Biofeedback (ජෛව ප්‍රතිපෝෂණය) යනු යෝනි මාර්ගය ආශ්‍රි මාංශ පේෂීන්ගේ අවබෝධයක් ලබා ගැනීම සඳහා භාවිත කරන ක්‍රමවේදයකි. මේ සමගම ව්‍යායාමවල යෙදීමෙන් මේ තත්ත්වය වඩාත් සුව කරගත හැක.
වැජිනිස්මස් තත්ත්වයේදී ස්වසන අපහසුතා ඇති වන බව ලිපියේ මුල් කොටසේදීත් අපි සඳහන් කළා. ඒ සඳහා සුදුසු ස්වසන අභ්‍යාස මෙහිදී ලබා දෙනවා. එහි නිරත වීමත් සමග ස්වසන අපහසුතා මගහැරී යනු ඇත
තමාට සන්සුන් විය හැකි ඕනෑම ආකාරයක් හෝ සතිමත් බව, යෝගා ව්‍යායාම වෙත යොමු කිරීම
වැජිනිසම් යනු සුව අතට පත් කළ නොහැකි තත්ත්වයක් නොවන අතරම මූලිකවම සිදුවන්නේ මෙවැනි තත්ත්වයක් තමාට ඇති බව පිටස්තරයෙකුට පැවසීමට කාන්තාවාන් ලැජ්ජා වීමයි. මෙය ලැජ්ජා විය යුතු තත්ත්වයක් නොවේ. එසේම මෙය අදාල කාන්තාවගේ වරදක් නිසා සිදුවන තත්ත්වයක්ද නොවේ. එබැවින් නිසි වෛදය උපදෙස් සමගින් භෞත චිකිත්සක ප්‍රතිකාර වෙත යොමුවන්න.
කසුනි එදිරිසිංහ මහත්මිය
ප්‍රධාන භෞත චිකිත්සක නිලධාරිනි,කාසල් වීදිය කාන්තා රෝහල,කොළඹ 08
Saru FM Media