නාමල්ගේ මංගල උත්සවයේ විදුලි බිල නොගෙවීමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

0
6

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන දෙකකට අධික මුදලක් නියමිත වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලාල නීතිඥයකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (11දා) අවසර ලබා දී තිබේ.

අදාළ පෙත්සම අද අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා සපයනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නියමිත වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම සම්බන්ධයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here