අද වන විට නම් විභාගය තුළ පවතින්නේ ඉතාමත් තරගකාරී තත්වයක්. ඒ නිසාම විභාගය ආසන්න වන විට දරුවන් තුළ විශාල පීඩනයක් ඇති වෙනවා. එසේ වූ විට දරුවන් තුළ සන්සුන් මනසක් ඇති කිරීම ඔබ සතු දෙයක්. විභාගයකට නිවසින් පිට වෙන්න පෙර දරුවට මේ උපදෙස් ටික ලබා දීම ඔබ සතු දෙයක්.
බොහෝ දරුවන් කල් වෙලා නොමැතිව නියමිත වෙලාවත් පසු වී විභාගයට එන අවස්ථා තිබෙනවා. එවිට දරුවා අධික ලෙස කලබල වෙනවා. මේ නිසා දරුවා හොදින්ම දන්නා පිළිතුරු වුව නිවැරදි ලෙස සටහන් කර ගැනීමට නොහැකි වන්නට පුළුවනි. විභාගයකදී කාලය කියා එක හරිම වැදගත්. විභාගය පවත්නා ස්ථානයට බොහෝ දුරින් සිටින දරුවෙක් නම් කල් වෙලා ඇතිව එම ස්ථානයට යෑම වැදගත්. බස් රථයක් යනවා නම් ඇතැම් විට බස් රථය යම් දෝෂයක් නිසා නවතින්න පුළුවනි. එසේ වුවහොත් දරුවාට එම ස්ථානයට වේලාවට ලගා වීමට නොහැකි වෙනවා.
හිරු එලිය හෝ අදුරු සහිත ස්ථානයක් හෝ තමා ලියන මේසයේ යම් දුර්වලතාවයක් තිබේ නම් නොබියව විභාග ශාලාධිපතිට දැනුම් දෙන ලෙස දරුවට පවසන්න. දරුවා අසුන් ගන්න ස්ථානයට බාහිරෙන් ශබ්ද වඩා ඇසෙනවා නම් එය පිළිතුරු ලිවීමේදී බාධාවක් විය හැකිය.
සෑම පිළිතුරු පත්‍රයකම විභාග අංකය දැමිය යුතුය. දරුවන්ට ඒ මොහොතේ තිබෙන කලබලේ නිසාම විභාග අංකය පවා දැමීමට අමතක වන්නට පුළුවනි. එම නිසා විභාග අංකය නිවැරදි ලෙස සටහන් කරන ලෙස දරුවාට පවසන්න. එක අංකයක් හෝ වැරදි යෑමෙන් විභාග ප්‍රථිපල පවා නොලැබී යා හැකිය. මේ නිසා සංයමයෙන් යුතුව කලබල නොවී සැහැල්ලුවෙන් යුතුව දරුවා විභාගයට මුණ දිය යුතුය.
බහු වර්ණ ප්‍රශ්න හරහා ලකුණු ලබා ගැනීම එතරම් අමාරු දෙයක් නෙමේ. නමුදු මෙහිදී නිවැරදි පිළිතුර හරියාකාරව ලබා දිය යුතුය. මෙහිදී සියලුම ප්‍රශ්න කියවන්න. සමහරවිට මුලදී අසනු ලබන ප්‍රශ්ණයකට නිවැරදි පිළිතුරක් ලබා ගැනීමට යම් ඉගියක් අවසාන ප්‍රශ්නයකින් ලබා ගැනීමට හැකි වනු ඇත. මෙහිදී ප්‍රශ්නය පමණක් කියවා පිළිතුරු සෙවීම නොකළ යුතු දෙයකි. මෙම බහු වර්ණ ප්‍රශ්න වලදී ගණනය කිරීම් සිදු කිරීමට තිබෙන විට කටු වැඩ කොලයක් ගෙන ගණනය කිරීම් සිදු කොට නිවැරදි පිළිතුර සදහන් කරන්න. මෙහිදී පිළිතුරු සපයා අවසන් වූ විටද නැවත නැවත කියවන්න. ඔබ දන්නාම පිළිතුරක් ඔබේ නොදනුවත්කමකින් හෝ අතපසු වීමකින් වැරදි පිළිතුරක් සදහන් කර තිබෙන්නට පුළුවනි.
විභාගයෙදී කාලය කියන එක හරිම වැදගත්. එක ප්‍රශ්නයකට මිඩංගු කල යුතු කාල වෙලාව පසු විට තව දුරටත් එම ප්‍රශ්නයෙම රැදී සිටීමෙන් තවත් ප්‍රශ්නයක් ලිවීමට තිබෙන කාලය අඩු වෙනවා. එකම ප්‍රශ්නයට ඔබ කොතරම් පිළිතුරු සැපයුවත් ඔබට ඔවුන් ලබා දෙන ලකුණු ප්‍රමාණයට වඩා වැඩියෙන් ලකුණු ලැබෙන්නේ නෑ. එසේම අවසාන මිනිත්තු කිහිපය තවත් පිළිතුරු සපයනවාට වඩා ඔබ ලියු සියලුම පිළිතුරු නැවත වරක් පරික්ෂා කර බලන්න. එය ඉතාමත් වැදගත් දෙයකි.
මේ ආකාරයට දරුවාට විභාගයට යෑමට පෙර උපදෙස් ලබා දීම වැදගත්.
Saru FM Media