නීති විරෝධී සිගරට් තොගයක් විනාශ කරයි

0
8

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් විසිහත්කෝටි හතළිස් ලක්ෂ දහ අටදහස් දෙසීයක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් ඊයේ (11වැනිදා) මුතුරාජවෙල විදුලි ජනන බලාගාරයේදී විනාශ කරනු ලැබීය.

කටුනායක බණ්ඩාරනාය ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් 2025 මැයි මස 25 වන දින සිට 2025 ජූලි 20 දින දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළට නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ විදේශීය දුම්වැටි 1,826,788 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය.

මෙම දුම්වැටි දේශීය වෙළඳපළට නිකුත්වූවා නම් ඉන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමිවීම රු.205,668,674 ක් පමණ වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය

ගුවන්ටුතොටුපල තුළ රේගු නිලධාරීන් විසින් දෛනිකව සිදුකරන ලද වැටලීම් මගින් මෙම දුම්වැටි අත්අඩංගුවට ගෙන රාජසන්තක කර ඇත. රේගු ආඥා පනතේ 12, 43 වන වගන්ති අනුවද 1999 අංක 8 දරන දුම්කොල පනත අනුවද ශ්‍රී ලංකාව තුලට දුම්වැටි රැගෙන ඒම හෝ ආනයනය කිරීම හෝ නීති විරෝධී ක්‍රියාවක් යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here