මළබද්ධය අප කා අතරත් පවතන සුලබ රෝග තත්වයක්.කුඩා දරුවාගේ පටන් වැඩිහිටි වයසේ පසු වෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් වුනත් මෙහි පැහැදිලි වෙනසක් නැහැ. එයින් අප අදහස් කරන්නේ මළබද්ධය කුඩා දරුවන් අතර හෝ වැඩිහිටියන්ට පමණක් සීමා වුන රෝග තත්වයක් ලෙසින් වෙන් කිරීමට අපහසු බවයි.
මළපහ කිරීමට රටාවක් තිබෙනවාද..?
ඔව්. ඒ තත්වයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහර විට දිනකට තුන් හතර වාරයක් මළපහ කිරීමේ අවශ්‍යතාවය ඇති අය සිටිනවා. ඒ වගේම තවත් පුද්ගලයන් තමන්ගේ දවස ආරම්භ කරන්නේ උදේ තේ කෝප්පයක් හෝ ජලය පානය කිරීමෙන් පසුව ඇති වෙන මළපහ කිරීමේ අවශ්‍යතාවය අනුවයි. සමහර විට මේ රටාවට අනුව දින කීපයක් මළපහ පිට නොවුනොත් ඒ පුද්ගලයා තමන් මළබද්ධයෙන් පසුවෙන බවට ඔහු විසින්ම නිගමනයන් ගොඩ නගා ගන්නවා. ඒ නිසා මළ බද්ධය රෝග තත්වය ගැන පැහැදිලි නිර්වචනයක් ලබා දීමට බැහැ.
මේ රෝග ලක්ෂණ ඔබට තිබෙනවාද…?
නමුත් ඔබට මළබද්ධය යැයි ඔබ විසින්ම අනුමාන ගොඩ නගා ගැනීමට සාධාරණ හේතු සාධක ඔබටත් ඇති. ඉතින් එවැනි ලක්ෂණ කීපයක් මේ අන්දමින් සඳහන් කරන්න පුළුවනි.
මළබද්ධය ඇති වෙන්නේ ඇයි…?
මළබද්ධයට බලපාන ප්‍රධාන හේතුව විදිහට අපේ ආහාර රටාව සඳහන් කරන්න පුළුවනි. පවතින සමාජ රටාව අනුව අපි වගේම අපේ දරුවන් දැන් බොහෝ සෙයින් අනුභව කරන්නේ කෘතිම සහ සකස් ක්ෂණිකව කළ ආහාර. අපේ ජීරණ ක්‍රියාවලියට තන්තු අවශ්‍යයි. නමුත් ඉහතින් සඳහන් කළ අහාර මගින් අපට තන්තු ලැබෙන්නේ නැහැ.අතීතයේදී බොහෝ සෙයින් අපේ ආාහරවලදි ව්‍යංජන ලෙසින් සකස් කළ කොහිල, පලා ,කෙසෙල් මුව වැනි තන්තු බහුල එලවළු පවා කාර්ය බහුල ජීවන රටාව නිසා සකස් වීමක් සිදු වෙන්නේ නැහැ. එහි විපාකයක් විදිහට අද බොහෝ දෙනෙක් මළබද්ධය වැනි අපහසුතාවයන්ගෙන් පීඩා විඳිනවා.
ජලය පානය කිරීම
මළ මෘදු කිරීමට ජලය අවශ්‍යයි. නමුත් අද බොහෝ දෙනෙක් ජලය පානය කිරීමට උනන්දුවක් නැහැ.
ව්‍යායාම අඩු වීම
අපේ ජීව ක්‍රියාවලියන්හිදී ව්‍යායාම වැදගත් මෙහෙයක් ඉටු කරනවා. රෝගාබාධ නිසා එක්තැන්ව සිටීම,වැඩි වේලාවක් වාඩි වී සිටීම වැනි හේතූ නිසා මළබද්ධය ඇති වෙනවා.
මළපහ කිරීමේ අවශ්‍යතාවය ඇති වූ විට ප්‍රමාද වීම…
මළපහ කිරීම වැනි අවශ්‍යතාවයන් ඇති වූ විට ඒවා ප්‍රමාද කිරීම එතරම් සුදුසු නැහැ. නමුත් අපි බොfාහ් විට දවසේ වැඩ රාජකාරි සමග මළපහ කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුනත් එය අපේ වෙනත් අවශ්‍යතාවයන් නිසා පසුවට කල් තබනවා. අපේ ජෛව රිද්මයට විරුද්ධව කටයුතු කිරීම නිසා සිදු වෙන ප්‍රමාදයට ප්‍රතිඵලයක් ලෙසින් අපට මළබද්ධය වැනි අපහසුතාවයන් ඇති වෙනවා. ඒ නිසා මළපහ කිරීමට අවශය වුනොත් එය කල් තැබීම අපටම සිදු කර ගන්නා වරදක්.
ඇතැම් ඖෂධ නිසා
විවිධ රෝගාබාධයන්ට අපි භාවිතා කරන ඖෂධවල අතුරු ප්‍රතිඵලයක් ලෙසින් මළ බද්ධය ඇති වෙනවා. ඒ ත්වය ඖෂධ භාවිතා කිරීම අවසාන විමත් සමග මග හැරෙනවා. ඒ වුනත් ඖෂධ භාවිතා කරන කාලසීමාවේදී තන්තු බහුල ආහාර ලබා ගැනිම, වැඩිපුර ජලය පානය කිරීමෙන් මේ අපහසුතාවය වලක්වා ගැනීමට පුළුවන්.
ගර්භණීත්වය
ගැබිණිබව සමග ඇති වෙන හෝර්මෝන වෙනස්කම් නිසාත් මළබද්ධය ඇති වෙනවා. මේ තත්වයටත් ප්‍රතිකාර ලෙසින් ගර්භණී කාලසීමාවේදී තන්තු බහුල ආහාර ලබා ගැනිම, වැඩිපුර ජලය පානය කිරීමෙන් මේ අපහසුතාවය වලක්වා ගැනීමට පුළුවන්. ඒ වගේම ඇවිදීම වැනි ව්‍යායාමයන් අනුගමනය කිරීමටත් හැකියාව තිබෙනවා.
මානසික ආතතිය
අද කාර්යබහුල ජීවන රටාව සහ තරඟකාරී සමාජය තුළ ආතතිමය තත්වයට පත් වීමේ වැඩි අවදානමක් තිබෙනවා. විභාග කාලසීමාවේදී දරුවන් මේ තත්වයට පත් වෙනවා. ඒ වගේම තමන් ජීවත් වුන පරිසරය වෙනස් වූ විට වගේම විවිධාකාර මානසික හැලහැප්පීම් නිසා ඇති වෙන මානසික අවපීඩනයත් මළබද්ධයට හේතුවක්.
කුඩාදරුවන්ට මළබද්ධය ඇති වීම
විශේෂයෙන්ම කුඩා දරුවන්ට වැසිකිලි පුරුදු පුහුනු කිරීමේ ආරම්භක අවධියේදී මලබද්ධය ඇති වෙනවා. ඔවුන් මේ ආගන්තුක පරිසරයට හුරු කිරීමේදී ඇති වෙන මානසික වෙනස මේ තත්වයට හේතුවක්.
රෝග තත්වයන්
සමහර අවස්ථාවලදී මළබද්ධය රෝග තත්වයක තවත් ලක්ෂණයක් විදිහට සඳහන් කරනන් පුළුවනි. තයිරොක්සින් හෝර්මෝනයේ අඩු විම, පිළිකා, අර්ශස්,බඩවැල් ආහ්‍රිත රෝග තත්වයන් ඊට නිදසුන් විදිහට දක්වන්න පුළුවනි.
මළබද්ධයෙන් ආරක්ෂාවමළබද්ධයෙන් ආරක්ෂා වීමට නම් ඔබේ පාර්ශවයෙන් කළ හැකි බොහෝ දේවල් තිබෙනවා. දිනපතා එකම වේලාවකට සහ අවශ්‍යතාවය ඇති වූ විට මළපහ කිරීම වැදගත්. ඉංග්‍රිසි භාෂාවෙන් කියන අන්දමට ‘‘Respond to Natures call ‘‘කොටින්ම ඔබ ස්වභාව ධර්මයට අවනත වෙන්න
තන්තු බහුල එළවලු , පළා සහ පළතුරු, ධාන්‍ය, නිව්ඩ්ඩ සහිත හාල් ආහාර වැඩි පංගුවකින් ලබා ගන්න. පිරිපහදු කළ සහල්, ක්ෂණික සහ කෘතිම ආහාරවලින් ඈත් වෙන්න.
දිනකට වතුර වීදුරු 6-8 අතර ප්‍රමාණයක් පානය කරන්න.
මළබද්ධය ගැන අවධානයක් දැක්විය යුතු අවස්ථා මොනවාද…?
මළබද්ධය පිලිබඳව ඔබ සැලකිලිමත් විය යුතු අවස්ථාවන් කීපයක් තිබෙනවා.
Saru FM Media