රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ඉන්දියාවේ සිට ගුවන් මගින් අද (24) පස්වරුවේ මෙරටට රැගෙන විත් තිබේ.
සැකකරු රැගෙන ඒමෙන් පසු කටුනායක ගුවන් තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන සඳහා කෙසෙල්වත්ත පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන ඇත.
මෙලෙස ගෙන්වා ඇත්තේ අවුරුදු 34ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකරු සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති යටතේ සිදුකෙරෙනු ඇත.
Media on 2026.01.24 පැය 1905 සැකකරුවෙකු දිවයිනට රැගෙන එම by poornima
Saru News










