කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධෙන් හිටපු කථානායක කරු ජයසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිඛිත පොහැදිලි කිරීමක් යොමු කර තිබේ.
මෙම මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම හේතුවෙන් වංචනිකයින්, දුෂිතයින් නොවන හිටපු මන්ත්‍රීවරු බොහෝ දෙනෙකුට අසාධාරණයක් සිදුව ඇති අතර ඒ පිළිබඳව සලකා බලන ලෙස එමඟින් ඉල්ලා තිබේ.
ආණ්ඩුව ගත් මෙම තීරණයට මහජන වරමක් ලැබී ඇති නමුත් ජනාධිපතිවරයාට මේ මොහොතේ ඒ ගැන සානුකම්පිතව බැලිය හැකි බවයි හිටපු කථානායකවරයා පවසන්නේ.
ඇතැමුන් තමන්ගේ දේපොළ, රැකියා අහිමි කරගනිමින් දේශපාලනයේ නිරත වූ අතර එවැනි අය යැපුණේ මෙම විශ්‍රාම වැටුපෙන් බවද කරු ජයසූරිය මහතා සිය පිලිය හරහා ජනාධිපතිවරයා වෙත දන්වා සිටියි.
එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි
ගරු ජනාධිපති,
අනුර කුමාර දිසානායක මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි
දිට්වා ව්‍යසනයෙන් පසු දේශය ගොඩනැගීමට හා ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා විශාල කැපවීමකින් ක්‍රියාකරන අවස්ථාවක වෙනත් කරුණක් කෙරෙහි අවධානය යොමුකිරීමට සිදුවීම පිළිබඳව කණගාටු වෙමි. එහෙත් හිටපු මැති ඇමතිවරුන් හා ඔවුන් අතරින් ඇතැමෙකුගේ වැන්දඹුවන් ආදී පන්සියයකට ආසන්න කණ්ඩායමක් වෙනුවෙන් මෙම ඉල්ලීම කරනුයේ දැඩි මානුෂිය හැඟීමෙනි.
Saru News










