මෝර මසුන් තොගයක් සමඟ පුද්ගලයින් 7ක් කොටුවෙයි

0
11

නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් කිලෝ ග්‍රෑම් 800කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 7දෙනෙකු වෙන්නප්පුව ප්‍රදේශයේදී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

වෙන්නප්පුව, වෙල්ලමන්කර ධීවර වරායේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයින් සිය භාරයට ගත්  වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් කිලෝ ග්‍රෑම් 876 ග්‍රෑම් 200ක තොගයක් බහු දින ධීවර යාත්‍රාවක් තුළ සඟවා තිබියදී මෙලෙස සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 7දෙනා, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා වෙන්නප්පුව ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී ඇති බව වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here