දරුවෙකු ගේ වයසට ප්‍රමාණවත් ලෙස කතාව හා භාෂාව වර්ධනය නොවීම “කථන හා භාෂා ප්‍රමාදය” (Speech and Language Delay) ලෙස සරළව ම හඳුන්වා දිය හැකිය. මෙහිදී ඇතැම් දරුවන් “කථන ප්‍රමාදයක්” (Speech Delay) පමණක් පෙන්වන අතර ඔවුන්ගේ භාෂා වර්ධනය සාමාන්‍ය වෙයි.. එමෙන්ම, ඇතැම් දරුවන් “භාෂා ප්‍රමාදයක්” (Language Delay) පෙන්නුම් කරන අතර එහිදී භාෂාවේ මෙන්ම කථනයේ ද ප්‍රමාදයක් පෙන්නුම් කරයි.
වර්තමානයේ සුලභව ම දැක ගත හැකි තත්වයක් ලෙස මෙම තත්වය හඳුන්වා දිය හැකිය. මේ සඳහා බලපෑ හැකි කරුණු කිහිපයකි. ඒවා නම්,
බොහෝ විට මෙම තත්වය හඳුනාගනු ලබන්නේ දරුවාගේ මව විසිනි. තම දරුවාගේ වයසේ වෙනත් දරුවන්ගේ කතාව හා සැසදීම තුළින් ඇය මෙම තත්වය හඳුනා ගැනීමට පෙලබිම සුවිශේෂී කරුණකි. නමුත් දරුවන්ගේ වර්ධන අවධීන් අනුව කථන හා භාෂා ප්රමාදය හඳුනා ගැනීමට පහත නිර්ණායක සලකා බැලීම අත්යාවශ්ය වේ. එනම්,
තවද, දරුවාගේ සෞක්‍ය වර්ධන සටහන නිවැරදිව පිරික්සීමෙන් ද ඔබට නිවරදි වැටහීමක් ලබා ගැනීමට හැකියාව පවතී.
දෙමාපියෙකු වශයෙන් ඔබගේ දරුවාගේ කතාව, භාෂා අවබෝධය හා භාවිතය පිළිබඳ යම්කිසි ගැටලුවක් ඇත්නම් ප්‍රථමයෙන්න ම ඊට හේතු වූ කරුණු සොයා බැලීම හා ඊට නිවැරදි ලෙස ක්‍රියාත්මක වීම ඉතාමත් වැදගත් වන අතර මේ පිළිබඳ ගැටලුවක් හෝ සැකයක් ඇත්නම් කථන හා භාෂා චිකිත්සකවරයකු වෙත (Speech and Language Therapist) ගොස් නිවැරදි තක්සේරුවක් (Assessment) කර ගැනීම ඉතාමත් වැදගත් වේ. මේ වන බොහෝ රජයේ හා පුද්ගලික අංශ වල කථන හා භාෂා චිකිත්සකවරු දිවයින පුරා විසිරි සිටිති.
නමුත්, දරුවා බොහෝ කාලයක් ගත කරන්නේ තම දෙමාපියන් සමඟ නිසාවෙන්ම දෙමාපියන් වශයෙන් ඔබටත් නිවසේදී මේ සඳහා කටයුතු කිරීම සිදුකල හැකිය. එහිදී,
තවද, වඩාත් වැදගත් වන්නේ මෙම තත්වය නිසි වයසට හඳුනාගැනීම හා නිවැරදි ක්‍රමවේද කෙරෙහි යොමු වීමයි. එමෙන්ම, කථන චිකිත්සාව තුළින් දරුවා ගේ කථන හා භාෂා වර්ධන ප්රමාදය නිවැරදි කර ගත හැකිය.
කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.
Saru FM Media