වතුර කියන්නේ අපේ ජීවිතයේම කොටසක් කියලා හැඳින්වුවොත් ඒකේ වරදක් නෑ. හැම ජීවියෙක්ටම වගේ ගහට කොළට පවා වතුර අත්‍යවශ්‍ය දෙයක්. වතුර නැති වුණාම ගස් වැල් වේලිලා යනවා වගේම අපේ ශරීරයත් වතුර නැතිවුණොත් ලෙඩ වෙනවා. අපේ සිරුරේ 60%ක ප්‍රමාණයක පමණ ජලය බව පෙර ලිපියක් හරහාත් අපි ඔබව දැනුවත් කළා. ජලය කියන්නේ බලසම්පන්න පානයක් කියන්නේ ඇයි කියලා මේ ලිපියේ අවසානයේදී ඔබට තේරුම් යාවි.
ආහාර පිසීමේදී වගේම අපි අනුභව කරන ආහාර ජීරණය සඳහාත් ජලය වැදගත් වෙනවා. අපේ සිරුරේ ඇති ජල ප්‍රමාණය අවම වීම හේතුවෙන් මලබද්ධය ඇතුළු බොහොමයක් රෝග තත්ත්වයන් ඇති වීමට හේතු විය හැකිය.
නිසි ජල පරිමාව සිරුරට නොලැබුණහොත් රුධිර සංසරණය වෙනස් වීමේ අවදානමක් පවතිී. එසේ රුධිර සංසරණය දුර්වල වීම හේතුවෙන් විඩාව, හිසරදය මෙන්ම ඇඟපත වේදනාව වැනි තත්ත්වයන් ඇති වීමෙන් ඔබව අපහසුතාවයට පත්වේ.
සිරුරේ උෂ්ණත්වය නිසි අගයේ පවත්වා ගැනීම සඳහාද ජලය හරහා මහඟු සේවාවක් ඉටුවේ. ශාරීරික ක්‍රියාකාරකම්වලදී අධික වෙහෙස නිසා සිරුරෙන් ඉතා ඉක්මනින් ජලය පිටවන අතරම සිරුරේ නිසි උෂ්ණත්වය පවත්වා ගැනීමට නම් අප ඒ සඳහා අවශ්‍ය ජල අවශ්‍යතාවය සැපිරිය යුතුය. එසේ නොවුණහොත් ඔබ විජලනයට ලක් විය හැකිය. සිරුරේ සජලන ස්වභාවය පවත්වා ගැනීමට ජලය නිසි පරිමාවෙන් භාවිත කිරීම වැදගත් වේ
වකුගඩුවල ප්‍රධාන කාර්යය වන්නේ අපේ සිරුරට අනවශ්‍ය දේ ඉවත් කිරීමයි. එහිදී වකුගඩුවල නිසි ක්‍රියාකාරීත්වය සඳහා අවැසි ජල පරිමාව ලබාදීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් අපගේ ඒකායන අරමුණක් විය යුතුය. එසේ නොවුණහොත් වකුගඩු ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන්ට ගොදුරු වීමට ඔබට සිදුවනු ඇත.
සමෙහි තෙතමනය රඳවා ගනිමින් වියළීමට ලක්විම වළක්වා ගැනීමට නිසි ප්‍රමාණයෙන් පිරිසිදු ජලය පානය කිරීම ඉතා වැදගත් වේ. එසේම කෑමට පෙර වතුර වීදුරුවක් පානය කරන්නට ඔබට හැකි නම් එය වඩාත් ප්‍රයෝජනවත් වේ. එසේම නිසි ජල පරිමාව ලබාගැනීම හේතුවෙන් සිරුරේබර පාලනය කරගැනීමේ හැකියාවද ඔබ සතුය.
සැමදා සැමට පිරිසිදු ජලය ලබාදෙන්නට වෙහෙසෙන පියුරිට් (Pureit) මගින් සිදු කළ පරීකෂණය සහ සිදුවන දේ පහත වීඩියෝවෙන් ඔබත් නරඹන්න.
Saru FM Media