දරුවන්ගේ වර්ධනය සඳහා ප‍්‍රමාණාත්මකව විටමින හා ඛනිජ ලවණ අවශ්‍ය බව මව්පියන් වශයෙන් අප හොඳින් දන්නා කරුණක්. බොහෝ දරුවන්ට සමබල ආහාර වේලක් මගින් ප‍්‍රමාණවත් පෝෂක ලැබුණත් ඇතැම් විශේෂ තත්ත්වවලදී දරුවන්ට විටමින් හා ඛනිජ ලවණ බාහිරින් ගැනීමට සිදු විය හැකියි.
දරුවෙකුගේ පෝෂක අවශ්‍යතා ස්ත‍්‍රී පුරුෂභාවය, වයස, වර්ධනය, ක‍්‍රියාකාරී මට්ටම අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස ගත් විට අවුරු 2 – 8 දරුවන් සඳහා දිනකට කැලරි 1000 – 1400 පමණද අවුරුදු 9 – 13 දරුවන් සඳහා දිනකට කැලරි 1400 – 2000 පමණද අවශ්‍ය වේ.
වයසට අනුව අවශ්‍ය වන විටමින් හා ඛනිජ ලවණ කිහිපයක ප‍්‍රමාණ
පෝෂක වයස අවු. (1-3) වයස අවු. (4-8)
කැල්සියම් 700μg 1000μg
යකඩ 7mg 10mg
විටමින් A 300μg 400μg
විටමින් B12 0.9μg 1.2μg
විටමින් C 18mg 25mg
විටමින් D 600Iu (15μg) 600IU (15μg)
වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද මෙම ක්‍ෂුද්‍ර මූල පෝෂක අවශ්‍ය වුවද අවශ්‍ය වන්නේ ඉතා කුඩා ප‍්‍රමාණ වලිනි.
උදාහරණ ලෙස කැල්සියම් සහ විටමින් අස්ථිවල ශක්තිමත් වර්ධනයට ඉවහල් වන අතරම යකඩ, සින්ක්, අයඩින්, විටමින් A, B3, B12,Vit B මොළයේ වර්ධනයට ඉවහල් වේ.
විශේෂ රෝග තත්ත්ව වලදී හැර අනෙක් දරුවන්ට විටමින් විශේෂයෙන් ලබාදිය යුතු නොවන නමුත් පහත අවස්ථාවලදී දරුවන්ට විටමින් හා ඛනිජ ලවණ ඌනතාවයක් ඇතිවීමේ අවදානමක් ඇත.
ශාකමය ආහාර පමණක් ගන්නා අයට කැල්සියම්, අයඩින්, සින්ක්, විටමින් B12, විටමින් D හි ඌනතාවය ඇති වීමේ අවදානම වැඩිය. ශාකමය ආහාර පමණක් ගැනීමේ අවාසිය/අවදානම වන්නේ එහි විටමින් B නොමැති වීමයි. විටමින් B ඇත්තේ සත්වමය ආහාරවල පමණක්ය. ඒ සඳහා ආදේශක ද නැත.
Celaic රෝග හෝ ප‍්‍රදාහිත අන්තක රෝග තත්ත්වවලදී යකඩ, සින්ක්, විටමින් D වැනි විටමින වර්ග කිහිපයක් හා ඛනිජ ලවණ අවශෝෂණයෙහි ගැටලු ඇති වේ. Celiac රෝගය යනු ස්වභාවික ප‍්‍රතිශක්ති පද්ධතියේ රෝගයකි. මෙමගින් කුඩා අන්තකවල ආස්තරයට බලපෑම් ඇති කරයි. මේ තත්ත්වයේදී සමහර පෝෂක උරා නොගනී. මේ නිසා පාචනය, බර අඩුවීම, බොහෝවිට නීරක්තිය ආදිය ඇතිවිය හැක.
Cystic fibrosis තත්ත්වවලදී මේදය අවශෝෂණය වීමේ ගැටලු ඇති කරයි. එවිට මේදයේ දියවන KADE විටමින් ප‍්‍රමාණවත් ලෙස අවශෝෂණය නොකරයි. අවුරුදු 13 – 19 දක්වා දරුවන්ට විටමින් D හා ෆෝලේට් ඌනතාවය වැඩි වශයෙන් ඇති වේ. සංවර්ධිත රටවලද මෙම වයසේ දරුවන් අතර විටමින් A ඌනතාවය බහුල වේ.
පහත ආහාර මගින් ඒ ඒ විටමින් ඌනතාවයන් පූරණය කරයි.
cystic fibrosis
ආරයෙන් ඇති වන රෝගයකි. පෙනහලු හා ආහාර ජීර්ණ පද්ධතියට බලපායි. ශරීරය තුළ ඝනකම් ඇලෙන සුලු ශ්ලේෂ්මල නිෂ්පාදනය වේ. එමගින් පෙනහලු සහ අග්න්‍යාශය අවහිර කරයි. ජීවිත තර්ජනයක් පවා පවතී.
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල
Saru FM Media