පොලිස් නිලධාරීන් දෙදෙනා හප්පා පළා ගිය රියදුරු ලොරි රථය සමඟ අත්අඩංගුවට (වීඩියෝ)

0
10

වව්නියාව, කළුකුන්නම්මඩුව ප්‍රදේශයේදී යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන්ගත් රථවාහන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු හප්පා පලාගිය ලොරි රියදුරෙකු අද(24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසූවේ, අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක් පසුපස පොලිස් නිලධාරීන් දෙදෙනා හඹායෑමේ දී ලොරි රියදුරු පොලිස් නිලධාරීන්ව අනතුරට ලක්කර පලා ගොස් ඇති බවය.

යතුරුපැදිය අනතුරට ලක්කිරීමේ දී පොලිස් නිලධාරීන් දෙදෙනා විසි වී ගොස් මාර්ගයේ පසකට ඇද වැටෙන අතර, යතුරුපැදිය ලොරියේ පැටලී ඉදිරියට ඇදී යන අයුරු පිටුපසින් පැමිණි වාහනයක සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක සටහන්ව තිබුණි.

ලොරියේ යතුරුපැදිය පැටලී තිබීම හේතුවෙන් ලොරිය මාර්ගයේ දමා රියදුරු කැළෑ බඳ ප්‍රදේශයකට පැන ගොස් ඇති බව වාර්තා වේ.

සැකකරු බූඔය පාලම අසල යුද හමුදා කඳවුර දෙසට පලා ගොස් සිටියදී යුද හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන පොලීසියට වෙත භාර දී තිබේ.

අනතුරට පත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු හා ලොරි රථය වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඊරට්ටපෙරියකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වීඩියෝ – Accident 1st

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here