පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එස්. අබ්දුල් වාහිද් සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් කාරක සභා කිහිපයක සේවය කිරීම සඳහා නම් කළ බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනය කර තිබේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන සහ 2025 මාර්තු 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් මහතා ,අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ,නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ,සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ 2025 මාර්තු 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 129 හි විධිවිධාන ප්‍රකාරව, පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (10) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
එමෙන්ම 2025 මාර්තු 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125 හි විධිවිධාන ප්‍රකාරව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා නිවේදනය කළේය.
Saru FM Media