ආහාරයට රුචියක් දක්වන්නේ රසයට මිස ගුණයට නොවේ. මේ වෙනුවෙන් දරුවන් අතර වු යොමු විම ගොඩ නැගිම ඔවුන්ට හය හතර තේරෙන කාලයේදි නොව බාලකාලයේ පටන් ගොඩ නගනවා නම් වඩාත් සාර්ථක බව නවතම අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා.
අම්මා තාත්තාගේ හිතේ නිතරම මානසිකව තිබෙන අසහනය වෙන්නේ අනේ අපි හම්බ කරලා ගෙනෙන දේ මේ දරුවෝ කන්නේ බොන්නේ නැති හැටි.. පුංචි කාලයේ නම් රවටලා හරි කවා පොවා ගත්තා. ඒත් දැන් මොන විදිහකටවත් බැහැ..
දරුවන් පමණක් නොවෙයි අපි හැම කෙනෙක්ම දිනකට පලතුරු සහ එලවළු ග්‍රෑම් 400 ක් ආහාරයට ගන්න අවශ්‍යයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෙන්වා දෙන අන්දමට මේ වෙනුවෙන් අපි දිනකට එළවලු සහ පලතුරු පංගු නවයක්වත් ආහාරයට ගැනීම අවශ්‍යයි.
එලවලු පලතුරු ආහාරයට ගැනීමෙන් දරුවන්ට වුනත් අනාගතයේදී තරබාරුව, පිලිකා, දියවැඩියාව වැනි රෝගාබාධයන් වැළඳීමට තිබෙන අවස්ථාව පහල බහින බව විවිධ අධ්‍යනයන් මගින් පෙන්වා දෙනවා.
මේ වෙනුවෙන් ඔවුන් ලබා දෙන උපදෙස වෙන්නේ බාල කාලයේ පටන්ම එළවළු සහ පලතුරු දරුවන්ගේ ආහාරයට එක් කරන්න. අම්මලා තමන්ගේ පහසුව වෙනුවෙන් දරුවන්ට එලවළු ආහාරයට එක්කිරීම බොහෝ දුරට අඩුවෙන් සිද්ධ වුනත් දරුවාගේ නීරෝගීබව වෙනුවෙන් මේ ආහාර ඉතාම වැදගත්.
දරුවන්ගේ ආහාර රුචිය ඇති කිරීමට නම් අම්මලා උයන පිලිවෙල වෙනස් කිරීම අවශ්‍යයි. අපේ එකාකාර රටාවෙන් දරුවන් හෙම්බත් වෙලා. මේ වෙනුවෙන් ලෝකයේ වෙනත් රටව ආහාර පිළියෙල කරන පුරුදු දෙස බලන්නත ප්‍රංශයේ එලවළු පිලියෙල කිරීමේදී බොහෝ විට සිද්ධ වෙන්නේ තැම්බීම, ස්ටු දැමීම සහ තම්බා පොඩිකරගෙන ආහාරයට සපයා ගැනීමයි. නෙදර්ලන්තයේ මව්වරුන් අමුවෙන් සහ තම්බාගත් එළවලු දරුවන්ගේ ආහාරයට එකතු කරනවා.ඇමරිකා එක්සත් ජනපදය බොහෝ විට දරුවන් වෙනුවෙන් ලබා දෙන්නේ අමුවෙන් හෝ තම්බාගත් විදිහටයි.
දරුවන් එළවලු ප්‍රිය නොකරනවා නම්වෙනස් විදිහකට අත්හසා බැලීමත් වරදක් නැහැ. අනේ අපිට කිරට නම් එපා කියනවා නම් මලවලා දෙන්න.එහෙම නැත්නම් සලාදයක්..ස්ටුවක්…පාට පාට එකතු කරපු සලාදයක් වගේ විදිහට ඇස රවටන විදිහට පිලියෙල කරන්න පුලුවනි. එලවලු මිශ්‍ර කරපු බතකින් ආහාරය වෙනුවෙන් ආකර්ශනය වගේම ගුණයත් එකතු වෙනවා.
සමහර අම්මලා තාත්තලාත් එළවළු , පලතුරු වෙනුවෙන් එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. තාත්ලාටත් ආවේණික වුන ආහාර රටාවක් තියෙනවා. කටගැස්මට මිසක ගුණයට ඔවුන්ගේ නැඹුරුව අඩුයි. අම්මාටත් ඉතින් පහසුව බලන නිසා බොහෝ එළවළු ආහාර රටාවෙන් නොදැනීම ප්‍රතික්ෂෙප වෙනවා.කොස්, පොලොස් වැනි ආහාර පිලියෙල කරන්න කම්මැලි වුනත් වස විස නැති මේවා ඉතාම ගුණදායකයි.
ඇත්ත…අපි හැම කෙනෙක්ම ගෙවන්නේ ඉතාම කාර්ය බහුල ජීවිතයක්. ඒත් අද වැඩ පහසු කරන මෙවලම් බොහොමයි.දර ගින්දර දුම් වදින්නේ නැතුව පොලොස් වැනි ආහාර පිලියෙල කරගත හැකියි. රාත්‍රියේදී සකස් කරල තියන්නත් පුලුවන්. දවස් දෙක තුනක් වුනත් කිසිම කරදරයක් නැතුව ආහාරයට ගත හැකි නිසා කාලයත් ඉතුරුයි.
දරුවන්ට හෙමින් සීරුවේම ඔවුන්ට නොදැනෙන විදිහට ගුණය ලැබෙන්න ආහාර පිලියෙල කරන්නත් පුලුවන්. සැන්ඩ්විච් වැනි දේ පිලියෙල කරන විට කැරට් වැනි එලවලු සිහින්ව ලියා ගෙන එකතු කරන්න. පිසින ලද විදිහට අකමැති වුනත් නූඩ්ල්ස්, පැස්ටා එහෙම නැත්නම් ඉදිආප්ප කොත්තු විදිහට හෝ එලළුලු හෝ තෙම්පරාදු බතක් වෙනුවෙන් එළවළු වර්ග එකතු කරන්න පුලුවන්.පැපොල් වැනි පලතුරු අකැමැති නම් කැබැලි කපලා සීනි ටිකක් එකතු කරල දෙන්න. එහෙම නැත්නම් පැපොල් යුෂත් දරුවා ප්‍රිය කරාවි.
ඔබ හදන විදිහට ..එහෙම නැත්නම් ඔබේ ආහාර වට්ටෝරුවට දරුවා ප්‍රිය මනාප නැත්නම් මේ විදිහට කියන්න. අද මාර්කට් ගියාම ඔයා කන්න කැමැති එලවළු ගන්න..එවිට දරුවාට ඔහු මිළට ගත් දෙය නැවත ප්‍රතික්ෂෙප කරන්න බැහැ. ආහාර සකස් කිරීමට පෙරත් දරුවාටම ඒ තැන දෙන්න.
“හා..දැන් පුතා කියන්න අද මොනවද දවල්ට හදන්නේ…” එවිට ඔහු තමාගේ මනාපය පල කරනු ඇති.”හොඳයි..ඔයා කැමැති කිරටද..මිරිසටද…මැල්ලුමක් විදිහටද…” මෙහිදී දරුවාගේ පිලිතුර සලාදයක් විය හැකියි. ඔබ කිස්සේත්ම එය බැහැර කරන්න එපා. දරුවාගේ කැමැත්තට ඉඩ දෙන්න.
Saru FM Media