අර්තාපල් අල කියන්නේ කාබෝහයිඩ්රේට් එහෙම නැත්තම් පිශ්ටය බහුල ආහාරයක්. ඒ වගේම කැලරි බහුලයි. ආසාත්මිකතා නොපෙන්වන නිසා අල, බබාලට ආහාර හඳුන්වාදෙන මුල් කාලයේම දෙන්න පුලුවන් දෙයක්. කැලරි වැඩිපුර බබාගේ ශරීරයට අල වලින් ලැබෙන නිසා බබා ටිකක් දඟලන්න පටන් ගන්න කාලේදී දෙනවානම් හොඳයි කියලා තමයි මම අහලා තියෙන්නේ. මොකද එතකොට බබාට අල දිරවගන්න පහසුවෙන නිසා. ඒ හේතුවෙන් මාස 7 සිට ඉහලට බබාලට අල වලින් කෑම හදල දෙන්න පුලුවන්. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා . අර්තාපල් අල , බර වැඩි කරගන්න බබාලට දෙන්න කියනවා සායනයේ දී අපේ අම්මලා අහලා ඇතිනේ නේද?
කොහොමද අපි හොඳ අර්තාපල් බබා වෙනුවෙන් තෝරා ගන්නේ..? රසායනික ද්‍රව්‍ය නොයෙදූ කාබනික අර්තාපල් අල හොයා ගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. පිටරටින් ගෙනෙන අර්තාපල් වලට වඩා ලංකා අල ගොඩක් හොඳයි බබාලට. අල හොඳින් සෝදලා, පොතු ඉවත් කරලා කෑම සකසන්න ගන්න පුලුවන්. ඒ වගේම පැළවීගෙන ඒන, කොළපාට වුනු අල නම් කෑම හදන්න ගන්න එපා. ඒවා කෙලින්ම කුණු කූඩයට දාන්න. ඒවා කෑමට සුදුසු නැහැ. ඒ වාගේම අල හුඟක් රස්නේ තියෙන තැනක ගබඩා කර තබන්න එපා. එතකොට අල ඉක්මණට පැල වෙන්න බලන නිසා. ඒ වගේම ශීතකරණයේ තියන්නත් එපා. හැම විටම කාමර උශ්ණය්වයේ, වියලි, අඳුරු තැනක ගබඩා කර තබා ගන්න.
පොතු ඉවත් කර හොඳින් සෝදා ගත් අල කුඩා කැබලි වලට කපා වාශ්පයෙන් තම්බා ගැනීම හෝ බේක් කර ගැනීම කල හැකියි. මෙමඟින් අල වල ගුණාත්මක කොටස් ආරක්ෂා කරගෙන, අල වල ස්වභාවික රසයත් රැකගෙන ආහාර පිළියෙල කර ගැනීම කර ගන්න පුලුවන්. වතුරට දමා තැම්බීමෙන් අල වල ගුණය වැඩි ප්‍රමාණයකින් විනාශ වෙන නිසා එම ක්‍රමය බබාට කෑම සැකසීමේදී එතරම් සුදුසු නැහැ.
මගේ බබාලට අර්තාපල් අල දීපු ආකාර විවිධයි. ඒවා එක තැනකට ගොනු කලොත් ආකාර 4ක් ලෙස දක්වන්න පුලුවන්:
මේවයින් දෙවෙනි ආකාරයට අර්තාපල් දෙන්න පුළුවන් නම් වැඩි ප්‍රමාණයක් අල බබාට කවා ගන්න පුලුවන් වෙනවා කියල මට හිතෙනවා. ඒකට අපේ අම්මලා නිර්මාණශීලිව හිතලා දෙයක් කරන්න පසුබට වෙන්න එපා.
මේ වෙනකොට මම අත් හදා බලපු අල තලපයන් කීපයක් මම මෙහි සඳහන් කරන්නම්. ඕගොල්ලෝ මේවා මේ වෙනකොට හදලත් ඇති. ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න මේ ලිපිය යටින්. ඒක අනික් අම්මලටත් උදව්වක් වෙයි. මම පහත කිරි කියල සඳහන් කරන්නේ මව්කිරි හෝ ළදරු කිරි පිටි (වයස අවුරුදු 1 ට අඩු බබාලට). අවුරුද්දට වැඩි බබාලට එළකිරි දෙන්න පුලුවන්.
ඉහත පරිදි ඕනෑම විදියකට මේවා මිශ්‍ර කර ගනිමින් විවිධ රෙසිපි ගණනාවක් අත් හදා බලන්න පුළුවන්. අර්තාපල් තලපය ටිකක් තදගතියෙන් යුතු නිසා තමයි වතුර හෝ කිරි දාලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍රණයේ ඝනකම හදාගන්න වෙන්නේ. ඒ නිසයි මම හැම එකේම කිරි/වතුර ලෙස සඳහන් කලේ.
මම බබාට අල දීපු ආකාර 2ක් මේ ලින්ක් වලින් ඔයාලට බලා ගන්න පුලුවන්.
මේ ලිපිය සම්භන්ධයෙන් ඔයාලට නැගෙන ප්‍රශ්ණ අපිට දන්වන්න. අපි හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.
උමන්දා මුතුකුඩආරච්චි මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .
Saru FM Media