ගැබිනි සමය කාන්තාවකට යම් තාක් දුරට අපහසුතා ගෙන එන කාල සීමාවක්. එක් එක් කාන්තාවගෙන් කාන්තාවට මේ තත්ත්වයන් වෙනස් වුවත් බහුතරයක් කාන්තාවන්ට මේ තත්ත්වය පොදුය. පෙර ලිපියකදී ගැබිනි සමයේ ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති වන අපහසුතා පිළිබඳව අප සාකච්ජා කළ බව ඔබට මතක ඇති.මේ ලිපිය හරහා ඔබට ගෙන එන්නට බලා පොරොත්තු වන්නේ ගැබිනි මවකට ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි ගැටලු සම්බන්ධවයි.
ප්‍රෝජෙස්ටෙරෝන් හෝමෝනයේ බලපෑමෙන් වාහිනී විස්තාරණය වීම නිසා සංසරණය වන රුධිර ප්‍රමාණය අඩු වීම නිසා මේ තත්ත්වය ඇති වේ.සංසරණය වන රුධිර ප්‍රමාණය වැඩි වීමත් සමග මෙම තත්ත්වය අඩු වේ. දිගු කාලයක් වාඩි වී සිටීම, හිටගෙන සිටීම, වැතිර සිටීමේදී මෙය දැනේ.ගර්භනීතාවයේ පසු කාලයේදී මෙම ක්ලාන්තය ඇති වන්නේ ගර්භාෂයේ පේශී මගින් අපරමහා ශිරාවට පීඩනය යෙදීමෙන් හෘදයට යන රුධිර ප්‍රමාණයේ වේගය අඩු වීම නිසාය. මෙහිදී උඩු අතට වැතිර සිටීමෙන් වැළකිය යුතුය.
ප්‍රොජෙස්ටෙරෝන් මගින් ශිරාවල සිනිඳු පේශී ඉහිල් වී රුධිරය සෙමින් සංසරණය වී නිසා විස්තාරණය වූ ශිරාවල ඇති කපාටවල කාර්යක්‍ෂමතාවය අඩු වේ. මෙම තත්ත්වය ඇති වන්නේ එවිටයි. පාදයේ, ගුදයේ (අර්ශස්) හා යෝනි ප්‍රදේශයේ දැකිය හැක. ගුදයේ ඇති වන මේ තත්ත්වය අර්ශස් ලෙස හඳුන්වයි.
මෙම තත්ත්වය අඩු කරගැනීමට,
ශිරා රුධිරය හා වසා වාහිනි තුළ වසා තරලය රැඳීම නිසා මෙම තත්ත්වය හා ගන්නා බව පැවසේ. රුධිරය හා තරලවල ඇති ආස්‍රැති පීඩනය වෙනස් වීම කේශ නාලිකාවල පාරගම්‍යතාවය වෙනස් වීම ද මෙයට හේතු විය හැකිය. මේ තත්ත්වය සාමාන්‍ය සිද්ධියක් වුවද මවට අධික රුධිර පීඩනය (Hypertension) පවතින විටද ඇති විය හැකි තත්ත්වයකි. මේ නිසා රුධිර පීඩනය පරීක්‍ෂා කර ගැනීම ඉතා වැදගත් වේ.
පාදවල ඇති වන සාමාන්‍ය ඉදිමාව අඩු කරගැනීමට :
සම මත කැසීම, උදරය මත ඉරි ඇති වීම (විලේඛ) ගැබිනි මවකගේ සම මත දැකිය හැකිය. ගර්භනීභාවයේ ඇති හෝමෝන සඳහා අක්මාව දක්වන ප්‍රතිචාරයක් ලෙස මේ තත්ත්වයන් ඇති වන බව සිතයි. එසේම රුධිරයේ පවතින බිලි රුබින් ප්‍රමාණය වැඩි වීමද සම මත කැසීම ඇති වීමට හේතු වන බව පැවසේ. මේ තත්ත්වයට ප්‍රතිකාර ලෙස වෛද්‍ය උපදෙස් මත ප්‍රති හිස්ටමින ඖෂධ (Anti histamine) භාවිත කළ හැක.
භ්‍රාණ චලන, මුත්‍රා පිටවීම වැඩිවීම, සුව පහසු ඉරියව්වක් සෙවීම අපහසු වීම ආදි කරුණු හේතුවෙන් ගැබිනි මවකට සුව පහසු සුපුරුදු නින්ද අහිමි විය හැකිය. එසේම දරු ප්‍රසූතිය පිළිබඳව ගැබිනි සමයේ ඇතිවෙන බිය හා කාංසාව නිසා ද සුව පහසු නින්ද මවකට අහිමි විය හැකිය. මෙම තත්ත්වය තරමක් දුරට මඟහරවා ගැනීමට නම්,
අත්ල හිරි වැටීම, ඉඳි කටුවකින් අනින ලෙස අතට හා ඇඟිලිවලට දැනීම, යමක් අල්ලන විට අතහැරීම ආදිය මෙම තත්ත්වයෙහි ඇති ලක්ෂණ වේ. සාමාන්‍යයෙන් මේ තත්ත්වය දැකිය හැක්කේ උදෑසනයි. නමුත් දවසේ වෙනත් වේලාවන්වලදී වුවද ඇති විය හැක. තරලය එකතු වීමෙන් ඇතිවන ඉදිමුම හේතුවෙන් මධ්‍ය ස්නායුව (Median Nerve) තෙරපීමට ලක්වීම මෙයට හේතු වේ.
මේ තත්ත්වය අවම කර ගැනීමට :
Saru FM Media