දරු ප්‍රසූතියෙන් පසු සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් තෝරාගන්න

0
21


ප්‍රසූතියෙන් පසුව සෑම කාන්තාවක්ම ශාරීරිකවත් මානසිකවත් විඩාවට පත්ව සිටිය හැකි වුවද දිනෙන් දින සුපුරුදු ජීවන රටාවට හැඩගැසිය යුතුය. දැන් ඔබ  ඉදිරි ජීවිතයට මුහුණ දෙන්නේ උතුම් මව්පදවියේ කිරුළ පැලදූ අම්මා නම් ගෞරවනීය පදවියත් සමගිනි. ඔබ, ඔබේ නිවසේ සිරිදුවයි. පවුලේ දියුණුව, සමගිය, ආදරය, එකමුතු බව රැකගැනීමට මෙන්ම සියලූ දේ සමබරව පවත්වා ගැනීමට ද සිදුවන්නේ ඔබටයි.

දරුවෙක් මල්ලෙක් නැතිව පවුලක් සම්පූර්ණ වෙන්නේ නෑ’‘ යන කියමන අතීතයේ සිටම පැවතෙන්නේ දරුවා යනු මව සහ පියා අතර බැඳීම තව තවත් ශක්තිමත් කරන නිසාවෙනි. දරුවෙකු ලැබීම නිසා මව සහ පියා තව තවත් සමීප වනු ඇත.

දරුවා ලැබී සති හයක් ගත වූ පසු ඔබ නැවතත් සාමාන්‍ය තත්ත්වයේ කාන්තාවකි. සැමියාගේත් ඔබේත් සුපුරුදු ලිංගික ජීවිතය ගත කිරීමේ හැකියාව ඔබ සතුය. නමුත් ඔබ සිහි තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ ලිංගික සබඳතාවයන්හිදී සුදුසු, ආරක‍ෂාකාරී පවුල් සැලසුම් ක්‍රමයක් තෝරා ගැනීම පිළිබඳවයි. තම දරුවාට මව්කිරි පමණක් ලබාදෙන මවක් නැවත ගැබ්ගැනීමට ඇති හැකියාව 2%ක් තරම් අවම මට්ටමේ පැවතුණද එය නිශ්චිතවම නිගමනය කළ නොහැක. සාමාන්‍යයෙන් දරුවන් අතර පරතරය අවුරුදු දෙකකට වඩා වැඩියෙන් තබාගැනීම වඩා සුදුසු වන බැවින් ආරක‍ෂිත පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතය වඩාත් සුදුසුය. මන්ද ළඟ ළඟ සිදුවන දරු පිළිසිඳ ගැනීම් නිසා අලූත උපන් දරුවාට මව්කිරි දීම අඩාල වේ. කෙසේ වුවද මවක් එක් දරු ප්‍රසූතියකින් පසුව තවත් ගැබ් ගැනීමක් සඳහා ශාරීරිකවත් මානසිකවත් සුදුසු තත්ත්වයට පත්වීම අත්‍යවශ්‍ය බැවින් දරුවන් දෙදෙනෙකු අතර පරතරය අවම වශයෙන් වසර දෙකක කාලයක්වත් වීම වඩාත් සුදුසුය. (අවුරුදු 35 කට වැඩි මවක් නම් මීලඟ දරුවා අතර පරතරය අවුරුදු 2 කට වඩා වැඩි විය යුතුය යන්න එතරම් සැලකිල්ලට ගත යුතු නැත.)

තාවකාලික ලෙස දරුවන් ලැබීම පමා කරනවා නම්, ඔබට මේ ක්‍රම ගැන සිතා බැලිය හැක.

ඔබ මව්කිරි ලබා නොදෙන කාන්තාවක් නම් ප්‍රසූතියෙන් සති හයකට පසුව ගිලින පෙත භාවිත කිරීමේ වරදක් නොමැත.

මෙය ඉතා හොඳ ජීවානුහරිත තත්ත්වයක් යටතේ පළපුරුදු වෛද්‍යවරයෙකු විසින් කළ යුතුය. මෙය ප්ලාස්ටික්වලින් නිම කරන ලද තඹ අඩංගු කුඩා ඔ හැඩයේ නැමෙන සුළු එකකි.

මෙම ලූපය ද පෙර සඳහන් කරන ලද පරිදි ප්ලාස්ටික්වලින් නිපදවන ලද කුඩා T හැඩැති නැමෙන සුළු මෙහි යම් වෙනසකට ඇත්තේ මෙහි ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය නිකුත් කිරීමයි.

මෙහි වාසි නම්,

මෙම එන්නතෙහි ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය අඩංගු වේ. මෙය මාස තුනෙන් තුනට ලබාගත යුතු එන්නතකි. මාස තුනකට වරක් පමණක් ලබා දෙන මෙම එන්නතේ පළමු වැන්න ප්‍රසූතියෙන් සති 6 කට පසුව හෝ ඔසප් ඇරඹී දින 7ක් ඇතුළත පසු ලබාගත යුතුය. එන්නත ලබා දුන් පසු එම ස්ථානය සම්භාහනය කිරීමෙන් වැළකිය යුතුය.

නිවැරදි අන්දමට භාවිතයෙන් 97% කට වැඩි සාර්ථකත්වයක් ලබා ගත හැකි පවුල් සැලසුම් ක්‍රමයක් වන මෙය පුරුෂ පාර්ශවය මගින් භාවිත කරන පවුල් සැලසුම් ක්‍රමයකි. ප්‍රාණවත් වූ ශිෂ්ණයට පැළද ගැනීමට හැකි අයුරින් ලේටෙක්ස් රබර්වලින් නිපදවන ලද කොපුවකි. මෙය ශුක්‍රාණු යෝනි මාර්ගය තුළට ඇතුළු වීම වළක්වන භෞතික සාධකයක් ලෙස ක්‍රියා කරයි. සරු භාවයට කිසිදු බලපෑමක් නොකරන අතර අනපේක‍ෂිත ගැබ් ගැනීම් වළකයි. එමෙන්ම HIV වැනි ලිංගික සම්ප්‍රෙක‍ෂණ රෝගවලින් ආරක‍ෂා කිරීමේ හැකියාව ද මෙය සතුය. ඉතාමත් කලාතුරකින් යම් ආසාත්මිකතාවයක් ඇති වන්නේ මෙහි ඇති ලේටෙක්ස් රබර් හෝ ලිහිසි ද්‍රව්‍ය නිසාය.

සමට යටින් තැන්පත් කරන හෝර්මෝන කරල් – දීර්ඝ ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රෙජෙස්ටරෝන් පමණක් අඩංගු පවුල් සැලසුම් ක්‍රමයක් වන මේ ක්‍රමයේදී දැනට ලංකාවේ භාවිත වන කරල් වර්ග නම් ජඩෙල් හා ඉම්ප්ලනෝන් වේ. මෙහි ක්‍රියාකාරී කාලය පිළිවෙළින් අවුරුදු 5 ක් හා අවුරුදු 3 ක් වේ.

දරුවෙකු බිහිකළ මවක් දරු ප්‍රසූතියෙන් සති හයකට පසු මෙයින් වඩාත් සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් වෛද්‍ය උපදෙස් මත තෝරාගැනීම වඩාත් සුදුසුය. ළඟ ළඟ සිදුවන දරු පිළිසිඳ ගැනීම් වළක්වා ගැනීමට මෙන්ම අඹු සැමියන් අතර බැදීම වර්ධනය කරගැනීම සඳහාත් වැදගත් වනු ඇත. එසේම ආර්ථීකමය වශයෙන් සහ සමාජීය වශයෙන් ද එය වැදගත් කරුණකි.

ඔබ, අවශ්‍ය දරුවන් ගණන සිටින වෙනත් දරුවන් බිහිකිරීමට බලාපොරොත්තු නොවන කාන්තාවක් නම් ඔබට හෝ සැමියාට ගැහැණු හෝ පිරිමි සැත්කම සිදුකිරීමේ හැකියාව පවතින අතරම දරු ප්‍රසූතියෙන් දින හතක් ඇතුළත හෝ සති හයකින් පසුව කාන්තාව ඒ සඳහා යොමු විය යුතු අතරම පිරිමි පාර්ශවයට ඕනෑම අවස්ථාවක සැත්කම වෙත යොමු විය හැකිය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here