ගමේ කෑම – 5 වැව් හාල් මැස්සෝ සම්බෝලය

0
3

අවශ්‍ය දේවල්:

  • අමු වැව් හාල් මැස්සො 250g
  • කහ කුඩු තේ හැඳි 1යි
  • ලුණු කුඩු රස අනුව
  • ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණට
  • දෙහි යුෂ ටිකක්
  • අමු මිරිස් කරල් 3, 4ක්
  • බී ලූණු ගෙඩි 1ක්

සාදාගන්නා ආකාරය:

මුලින්ම වැව් හාල් මැස්සන් කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු අතගා හොඳින් ගැඹුරු තෙලේ බැද ගන්න.

බැදුනු හාල් මැස්සො  තෙලෙන් ඉවත් කරගෙන ටිකක් නිවෙන්න තබා එයට අමු මිරිස්, බී ලූණු සිහින්ව කපා එකතු කරන්න. තෙලෙන් ඉවත් කරගත් හාල් මැස්සන්ගෙ  තෙල් බේරෙන්න තියන්න.

එයට ලුණු කුඩු ටිකක් දාන්න.

ගම්මිරිස් කුඩු ටිකක්, දෙහි ඉස්ම ටිකක් මිරිකා හොඳින් කලවම් කරන්න.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here