හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ නිවසට ගොස් ඇත. හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කරමින් සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් ද තබා තිබේ.
වාසුදේව නානායක්කාර මහතා හමුවී සුවදුක් විමසීම සඳහා තමන් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී පැරණි දේශපාලනික මතක පිළිබඳව කතාබහක නියැලුණු බවත් හිටපු ජනපතිවරයා එහි සඳහන් කර තිබුණි. එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.
පැරණි සටන් සගයෙක් වන වාසුදේව නානායක්කාර මහතා හමුවී සුවදුක් විමසීම සඳහා එම මහතාගේ නිවසට ගියෙමි.
මා සහ වාසුදේව නානායක්කාර එක්ව දේශපාලනයේ යුග ගණනාවක් පසුකර ඇත.
අප දෙදෙනාම දේශපාලනයට පිවිසියේ 1970 වර්ෂයේදීය. මිත්‍රත්වය ඉතා පැරණියග ඒ තරමටම සංකීර්ණයග වාසු යනු අපූරු සටන් සගයෙකිග ආවේගශීලී චරිතයකිග හොඳ මිතුරෙකි. මා මිත්‍රයාට ගෞරවයක් ලෙස මෙම සටහන තබමි.
අතීතයේ කොළඹ සිට කතරගම දක්වා සිදු කරන ලද පාද යාත්‍රාව මේ වන විට බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී ඇතැයි සිතමි.
අතුරුදහන් වූවන් වෙනුවෙන් පෙනී සිටිම. උතුරු නැගෙනහිර යුද්ධය සඳහා විසඳුමක් ගෙන ආ යුතුයි යන්න සහ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට එරෙහිවීම වැනි ජනතාවාදී කරුණු අරමුණු කර ගනිමින් පැවති එම පාද යාත්‍රාව ඇරඹුණේ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටිනි.
ඒ 1992 වර්ෂයේ මාර්තු 16 වන දිනයග ඒ සඳහා එකතු වූ සටන් සගයන් රැසකිග ඒ අතර එක්සත් සමාජවාදී පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද සිටියේය.
1992 වර්ෂයේ ජූලි මස පළමුවැනි දින දහවල් 12.35 ට රටපුරා සැම දෙනාම එක්ව හඬ නැගූ ජනඝෝෂාව වාසුට අමතක නොවන බව දනිමි.
භීෂණ සමයෙහි ලංකාවේ තරුණ තරුණියන්ගේ අතුරුදන් වීම් වලට එරෙහිව එම අතුරුදහන් වූවගේ මානව හිමිකම් වෙනුවෙන් හඬ නගද්දී ද වාසු මා සමඟ සිටියේය.
එම සිදුවීම් සිදු වී වසර ගණනාවකිග ඒ් සියල්ල අතීත දේශපාලන රස කතායග එහෙත් එම සිදුවීම් රස කතා පමණක්ම නොවේ.
එම සිදූවීම් ශ්‍රී ලාංකීය ජන හිතවාදී දේශපාලනයේ මං සළකුණුයග දේශපාලනිකව කුමන මත දැරූවද අප දෙදෙනාම සැමදා සටන් කළේ ජනතාව වෙනුවෙනි.හිතවත් වාසු ඔබට නිරෝගී බව ප්‍රාර්ථනා කරමි.
Saru FM Media