අතීසාර, මුත්‍රඅඩස්සිය, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග, පිත නිසා හටගත් උණ, ශ්වේත ප්‍රදර, අර්ශස්, අජීර්ණ, අරුචි, කුසගිනි මදිකම, අධ්මාන, ගුල්ම, පණු රෝග, කැස්ස, ඇදුම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට හරංකහ ශාකයේ අල සහ කොළ භාවිතා කරයි. හරංකහ වාජීකරණ, වේදනාවන් සමනය කරන, පණුවන් නසන, උණ නසන, රුධිය පිරිසිදු කරන, මුත්‍රජනනය කරන ආදී ගුණ සහිතයි.
මුත්‍ර රෝග සඳහා හරංකහ අල යුෂ බොන්නට දෙයි. චර්ම රෝගවලට අල ගලගා ආලේප කරයි. උලුක්කුවට හරංකහ අල සීනක්කාරන් සමඟ අඹරා ආලේප කරයි. ග්‍රන්ථි සහ අර්බුදවලට හරංකහ කොළ අඹරා ආලේප කරයි. බෙංගාල වැසියන් හරංකහ අල කොටා යුෂ මිදෙන්නට තබා, වියළා අරළුප්පිටි මෙන් සකස් කර ගන්නා ඖෂධය ශට්පාලෝ නමින් හඳුන්වන අතර එය අතීසාර, ග්‍රහණි ආදී රෝග සුවපත් කිරීමට යොදා ගනී. අතීසාරයට එම පිටිවලින් කැඳ සකසා බොන්නට දෙයි. මුඛයේ සහ උගුරේ සෙම බැඳීමට හරංකහ අල කැබලි මුඛයේ තබා චූෂණය (සූප්පු) කළ යුතුය. එමෙන්ම එය ස්වරභේදය හෙවත් උගුර බැරැන්ඩි වීමට ද ප්‍රතිකාරයකි. ළමයින්ගේ පණු රෝගවලට හරංකහ අල යුෂ බොන්නට දෙයි. ප්‍රතිශ්‍යා කැස්ස සහ සිරුරේ වේදනා සහිත උණට හරංකහ අල කෂායට තිප්පිලි කුඩු, කුරුඳු පොතු කුඩු මිශ්‍රකර වැල්මී, මී පැණි හෝ සූකිරි සමඟ ගැනීමට නියම කර ඇත. සීරීම් ආදියට කුඩු කරන ලද හරංකහ මුල සීනක්කාරම් සමඟ මිශ්‍රකර ආලේප කළ යුතුය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
සේයාරූ_ අන්තර්ජාලයෙන් 1, 2

Saru FM Media