ශාකයත් එමගින් සදා ගන්නා මත්ද්‍රව්‍යයත් අප දකුණු ආසියාතික කලාපයේදී ගංජා යන නමින් හැදින්වේ. ගංජා ශාකයේ වර්ග දෙකකි කැනබිස් සාටිවා සහ කැනබිස් ඉන්ඩිකා යනු එම වර්ග දෙකය. නිවර්ථන කලාපයේ වැඩෙන මෙම ගංජා ශාකය නූතන ලෝකයේදී සෞම්‍ය කලාපීය රටවලද පාලිත තත්ව වලදී සරුවට ඇති දැඩි කරනු ලැබේ. බටහිර ලෝකය ගංජා මත් ද්‍රව්‍ය අඳුනාගන්නේ මරිජුවානා යන නමිනි. මරිජුවානා මගින් විවිධාකාරයේ මත්වීම් සදහා ගන්නා ද්‍රව්‍ය රැසක් නිපදවා ගනු ලැබේ.
1. ගංජා බේතක් නේද ඉතිං ගත්තම මොකද?

Source – jameica-gleaner.com
ගංජා මත්ද්‍රව්‍යයක් ලෙස ජනප්‍රිය වන විට මත් වන සංයෝගය වැඩිවන ආකාරයට සාන්ද්‍රනයෙන් අධික ගංජා නිපදවන්නට මත්ද්‍රව්‍ය නිෂ්පාදකයින් උනන්දු වන්නට විය. ඒ අනුව නූතනයේ මරිජුවානා සදහා යොදාගන්නා ශාකවල මීට සියවසකට පෙර ගංජා ගස්වල පැවති මත්ද්‍රව්‍ය සාන්ද්‍රනය මෙන් දස ගුණයකටත්වඩා වැඩි සාන්ද්‍රනයකින් ගංජා හි මත් වන සංයෝග අඩංගු බැව් විද්‍යාඥයෝ සනාථ කර තිබේ.
පුරාණ ආයුර්වේද වෛද්‍ය විද්‍යාෙව් ගංජා බෙහෙතක් ලෙස දක්වා ඇති නමුදු බෙහෙතක් ලෙස ගැනීමේදී යම් යම් සීමාවන්ට යටත් වී එය ඔසුවක් ලෙසම භාවිත කළ යුතුය. නියමිත අනුපාතයට වෙනත් ඔසු හා මුසු කොට වෛද්‍ය උපදෙස් අනුව බෙහෙත් සෑදීමට ගන්නා බව සැබවි. එහෙත් හිතුමනාපයේ ගංජා ඉරීම කිසිසේත්ම ඖෂධීය භාවිතයක් ලෙස දැක්විය නොහැක. ආහාර නිපදවීමේදීද ඇතැම් අවස්ථාවල මස් පිසීම වැනි අවස්ථාවල පුරාතනයේ ගංජා කොල භාවිතා කොට තිබේ. එහෙත් ඒ මත්වීම යන ප්‍රයෝජනය තකා නොවේ. ගංජා ගසේම පවතින වෙනත් සංයෝගයක භාවිතයෙන් මස් වල මෘදු ස්වභාවයන් ඇතිවනවා විය හැක.
2. ගංජා සිගරට් වගේ නේ

Source – pintarest.com
ගංජා වල බලපෑම කෙලින්ම එල්ල වන්නේ මොළයට වේ. ගංජා නිතර භාවිතයෙන් මොළයේ සෛල නැවත යථා තත්වයට පත් කළ නොහැකි මට්ටමට විකෘති වීමේ අවධානමක්ද පවතී. ගංජා භාවිතය නිසා අඩපනව වෛද්‍ය ප්‍රතිකාර පිණිස රජයේ රෝහල් කරා ඇදුනු තරුණ තරුණියෝ ප්‍රමාණය 300කට අධික බැව් ශ්‍රී ලංකා අන්තරයකාර ඖෂධ පාලන අධිකාරියේ වාර්ථාවල දැක්වේ.
දුම්කොළ භාවිතාවෙන් තනන දුම්වැටිද විවිධ පද්ධතින්ට අගතියක් ගෙන දෙන උවදුරකි. දුම්වැටි ප්‍රධාන කොටම පෙනහලු හදවත ආදී ඉන්ද්‍රියන්ට සිදුකරන බලපෑම වැඩිය. ගංජා යනු සිරුරේ සියලු යාම කටයුතු ක්‍රියාත්මක කරන මොලයට හානි කරන උවදුරකි. සරලවම ගතහොත් දුම්වැටියක් ඉරීමෙන් පසුව රියපදවන රියදුරන් අප සාමාන්‍ය ජීවිතයේ නිතර දකී. එහෙත් ගංජා භාවිත කොට රිය පදවන රියදුරකු බොහෝවිට සිටින්නේ පියවි සිහියෙන් නොවේ. එවැනි ගංජා යම් පමණකින් ගත් කල එම පුද්ගලයාගේ ප්‍රකෘති තත්ත්වය සම්පූර්ණයෙන්ම විකෘති වන හෙයින් එය දුම්වැටි හා සංසන්දනය කොට ගංජා අහිංසක යැයි කීම මුලාවකි.
3. ඔය ඉන්නේ ගංජ ගහන අය බොහොම සනීපෙට

Source – vice.com
මොලය යනු විද්‍යාඥයින් පවා නිසිලෙස සම්පූර්ණයෙන්ම විග්‍රහ කොට නැති අවයවයකි. එබැවින් ගංජා මතින් මොළයට සිදුවන හානි වල ප්‍රතිලාභ කෙසේ ලැබේදැයි නිවැරදිවම ප්‍රස්ථාගත කරගැනිම කළ නොහැක. විසකුරු සර්පයෙක් දෂ්ඨ කළ පසු අදාල ස්ථාන සැනින් ඉදිමෙනවාක් වැනිව ගංජා භාවිත කරන්නාට භාවිත කර පැයකින් දෙකකින් එහි අහිතකර ප්‍රතිඵල අත්දකින්නට නොලැබේ. එහෙත් කාලාන්තරයක් තිස්සේ භාවිතා කිරීමෙන් විවිධ මානසික ව්‍යාධීන් ඇතිවීමේ හැකියාව වැඩිවේ. උදාහරණයකින් ගතහොත් ඔබ නිවසේ දොර ජනෙල් සියල්ලම හැර දමා නින්දට යන්නට හුරු වුවහොත් පළමු දවසේම ඔබ නිවසට සොරුන් පැමිණ බඩු රැගෙන යන්නේ නැත. දොර ජනෙල් ඇර දමා තිබීමෙන් නිවෙස සොරුන්ගේ ග්‍රහනයට පත් වීමේ අවධානම සැලකිය යුතු තරමකින් වැඩි වේ.
මත් ද්‍රව්‍ය සියල්ලක්ම පාහේ එසේය. දොර ජනෙල් හැරදමා ලූ කලෙක නිවස තුලට නැවුම් වාතය පැමිණ අවට සිරි නරඹමින් කාලය ගත කරනවා වැනි ප්‍රමා්දජනක ආශ්වාදයක් තාවකාලිකව සෑම මත් දේකින්ම ලැබේ. එහි දීර්ඝකාලීන බලපෑම කුමන වේශයකින් කවර අවස්ථාවකදී මත් ද්‍රව්‍ය ලබාගන්නා කරා එළැඹේදැයි හරියාකරව නිගමනය කරගත නොහැකිය.
4. සාධක

Source – mindunleashed.com
යුරෝපයේ විශාල නියැදියක් යොදාගන කරන ලද පර්යේෂණ වලදී සාමාන්‍ය රියදුරන්ට වඩා ගංජා භාවිත කොට රිය පදවන රියදුරන් අනතුරු වලට භාජනය වීම දෙගුණයක් බව සනාථ කොට තිබේ. ඇමරිකාවේ යෞවන යෞවනියන් මරිජුවානා සහ ඒ ආශ්‍රිත දේට යොමුවිම එරට තරුණ ප්‍රජාව මුහුනදෙන ප්‍රධාන ගැටළුවක් බවට පත් ව තිබේ. කරන ලද පර්යේෂණවල දත්ත අනුව ගංජා භාවිතයට හුරු වූ සිසුන්ගේ අධ්‍යාපනික පසුබිම සීඝ්‍රයෙන් ගරා වැටෙන බවත් අතීතයේ පටන් ගංජා භාවිත කරන ලද පුද්ගලයින් සතුටුදායක ඉහළ වැටුප් ලබන රැකියා වන්ට යොමුවීම සැලකිය යුතු තරමකින් අඩු බවත් සනාථ කොට තිබේ. ඉතා කළාතුරකින් පුද්ගලයකු ගංජා ආදී මත් පැන් භාවිත කරද්දීත් අධ්‍යාපනයෙන් සහ රැකියාවෙන් සාර්ථක විමේ සම්භාවිතාවක් පවතී. එහෙත් සමස්ථයක් ලෙස සැලකූ කල ගංජා භාවිතය අධ්‍යාපනයට සහ ඉහල රැකියාවන්ට යොමුවීමට බාධාවක් ම බව පර්යේෂණාත්මකව ඔස්ට්‍රේලියාව නවසිලන්තය වැනි රටවල කරන ලද පර්යේෂණ වලින්ද තහවුරු වේ.
5. ගංජා තහනම හා මතවාද

Source – huffingtonpost.com
ගංජා සහ මරිජුවානා තහනම් නොකළ රටවල් සහ පලාත් ලෝකයේ තිබේ. එහෙත් ලෝකයේ අන්තරායකාර ඔසු සම්බන්ධ නීති සහ සම්මුතින්ට අනුකූලව ගංජා යනු ලොවම පිලිගත් මත් ද්‍රව්‍යයකි. රටක නීතියෙන් ගංජා ඉරීම තහනම් නොවීම යනු ගංජා රිසි සේ ඉරීමට ඉඩ හසර ලබාදිමක් නොවේ.
මීට වසර 16කට පෙර පෘතුගාලයේ ගංජා පානය කිරීම නිතිමය වරදක් ලෙස පිලිගැනීම නවතන ලදී. එයින් පසු ගංජා උරන තරුණ තරුණියන්ට වඩාත් සමීපවී ඔවුන් ගංජා මරිජුවානා සහ මතින් ගැලවීමේ වැඩපිළිවෙළ ආරම්භ විය. එසේම මත් ද්‍රව්‍ය ලබාගැනීම වරදක් නොවූවත් මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ප්‍රවාහනය පෘතුගාලය තුල දඩුවම් ලැබෙන වැරදි ලෙස නීතියේ දක්වා තිබේ. ඒ අනුව පෘතුගාලයද ගංජා පානය කළ හැකි රටක් ලෙස ඇතැමුන් හැඳින්විය හැකි වුවත් එහි ගංජා ගැන ඇති මතය වෙනස්ය.යුරෝපා සංගමයේ දියුණු රටක් වුවද ස්වීඩන් රටේ මත්ද්‍රව්‍ය අධික ලෙස ගැනීම හේතුවෙන් මිනිසුන් මිලියනයකින් 60 දෙනෙකට වඩා මරු වැළඳ ගනී. එහෙත් පෘතුගාලයේ තත්ත්වය අනුව එරට මිලියනයක ජනකායකින් මත්ද්‍රව්‍ය ගැනීම් නිසා මිය යන්නේ 3 දෙනෙකු පමණි.
ලංකාවේ එතනෝල් පානයන් විකිණීම දැඩි ලෙස නීති ගත කොට ඇති අතර නේපාලයේ කුඩා කඩවල පවා රට බීම විස්කි වර්ග විකිණීමට තිබේ. ලංකාවේ අවි ආයුධ විකිණීම දැඩි වරදකි. එහෙත් ඇමරිකාවේ විවිධ ආකාරයේ තුවක්කු පිස්තෝල විකුණන අලංකාර සාප්පු ආදියද තිබේ. රට රටවල නීතිමය රාමු එකිනෙක වෙනස්ය.සමාජ හර පද්ධතීන් සහ මනුෂ්‍ය ගති සොබා වෙනස්ය. ගංජා සම්බන්ධ නීති රීති ලිහිල් වූ රටවල් රැසක් තිබීම තුලින්, එරට වල පුරවැසියන් බොහෝ දෙනෙකු මරිජුවානා/ගංජා ලෝලින්යැ, ඒ රටවල තිබේනම් මෙහි නැත්තේ මන්දැ ආදී ලෙසින් ප්‍රශ්ණ කිරීම බුද්ධිගෝචර නොවේ. තහනම තිබියදිත් දිවයිනේ වැඩිම භාවිතයක් සහිත මත්ද්‍රව්‍ය ලෙස කිරුළු පළඳින ගංජා තහනම ඉවත් කළහොත් ඇතිවිය හැකි සංසිද්ධිය සුළු පටු සරල එකක් නොවනු ඇත.
Cover Image Source – clipart.info / greenrushdaily.com
The post ගංජා හොඳද නරකද? appeared first on Lifie.LK.
Saru FM Media