තුන්කොන් තරගාවලියකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොවැම්බරයේ පාකිස්තානයට

0
13

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහ පන්දුවාර විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියටක සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන නොවැම්බර් මසදී පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය නොවැම්බර් මස 11 වැනිදා ආරම්භ වන අතර නොවැම්බර් 19 වැනිදා විස්සයි-20 ආකෘතියෙන් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වනු ඇත.

පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව හැරුණු කොට ඇෆ්ගනිස්තානු කණ්ඩායම සහභාගිවනු ඇත.

මෙම තරගාවලියේ සියලුම තරග රාවල්පිණ්ඩි සහ ලාහෝර්හිදී පැවැත්වෙනු ඇත. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියත්, විස්සයි-20 තුන්කොන් තරගාවලියේ පළමු තරගයත් රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙනු ඇත. තුන්කොන් තරගාවලියේ ඉතිරි සියලුම තරග ලාහෝර්හිදී පැවැත්වෙනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් මස 29 වැනිදා ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here