ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී දැන් ක්‍රියාත්මක 93 වැනි “ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන” ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (09) නව තරග වාර්තා බිහි කරමින් කැපී පෙනෙන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩකයකු වන හැටන් අධ්‍යාපන කලාපයේ පිහිටි අඹගමුව මධ්‍ය මහා විදුහලේ අයෝමාල් අකලංක අවුරුදු 20න් පහළ බාලක මීටර් 400 කඩුළු මතින් දිවීම ඉසව්ව තත්.50.51 ක තරග නිමි කාලයක් සටහන් කරමින් නව වාර්තාව තමන් සතු කර ගත්තේය.
අයෝමාල් අකලංක ට අනුව යමින් කොළඹ ශාන්ත බෙනඩික්ට් විදුහලේ එස්. එච්. ජයසිංහ (අවුරුදු 18න් පහළ බාලක තුන් පිම්ම – මීටර් 15.41), මාතලේ අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය මහ විදුහලේ ජී. එල්. එන්. දිනෙත් ලියනගේ (අවුරුදු 20න් පහළ බාලක මීටර් 800 – මි: 01.51.42), මාතර මධ්‍ය මහ විදුහලේ කේ. ටී. නුහංසා ( අවුරුදු 20 න් පහළ බාලිකා මීටර් 800 – මි: 02.09.01), වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආර්. පෙරේරා (අවුරුදු 18න් පහළ බාලක මීටර් 800 – මි: 01.52.50), අඹගස්දෝව ජනාධිපති විදුහලේ එච්. යසිරු උදාර (අවුරුදු 16න් පහළ බාලක මීටර් 800 – මි: 01.57.28), කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ සී. ඉමේෂ් (අවුරුදු 18න් පහළ බාලක මීටර් 200 – තත්: 21.61), වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඩී. ප්‍රනාන්දු (අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 200 – තත්: 24.40), පන්නිපිටිය ධර්මපාල විදුහලේ එන්. ආර්. ඒකනායක (අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 200 – තත් : 25.31), රත්නපුර ශාන්ත ඇලෝෂියස් විදුහලේ ජී. ඩී. එල්. අචින්ත (අවුරුදු 18න් පහළ බාලක මීටර් 3000 – මිනිත්තු 08.44.18) , තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහලේ දීසර හේරත් (අවුරුදු 18න් පහළ බාලක දුර පැනීම – මීටර් 07.27), මාතර රාහුල විදුහලේ එස්. ජී. එල්. බී. බී. ගුණසේකර (අවුරුදු 18න් පහළ බාලක කවපෙත්ත විසි කිරීම – මීටර් 51.34 ), ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ ඩී. කේ. එම්. ඩී. අබේරත්න (අවුරුදු 18න් පහළ බාලිකා උස පැනීම : මීටර් 01.70) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද නව තරග වාර්තාලාභීන් ලෙස තම නම “ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන” ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පොතේ සටහන් කර ගත්හ.
මෙවර තරගාවලියේ පළමු දිනයේ දී තරග ඉසව් 15ක අවසන් තරග ක්‍රියාත්මක කෙරුණු අතර තවත් අවසන් තරග 32ක් දෙවන දිනය වූ ඊයේ (09) පැවැත්විණි. තෙවැනි දිනය වන අද (10) අවසන් තරග 22ක් ද සිව් වැනි දිනය වන හෙට තවත් අවසන් තරග 37ක් ද පැවැත් වීමට පියවර ගෙන ඇත. මෙවර තරගාවලියට අයත් සමස්ත තරග ඉසව් සංඛ්‍යාව 106කි.
ඡායාරූප – කමල් වන්නිආරච්චි
අනුරුද්ධ හේරත් බණ්ඩාර
සංස්කරණය – සුසිල් ජයකොඩි
Saru FM Media