විපක්ෂයේ කුමන්ත්‍රණයක් පරාදියි… ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කරයි… – Saru News | සිංහල

0
9

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා ඊයේ පත් කරන ලදී.

ඒ සඳහා වූ යෝජනාව ආගමැති, ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඊයේ (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම නම් තුණ යෝජනා කරනු ලබන්නේ අගමැති සහ විපක්ෂ නායකගේ එකඟතාව අනුවය.

ඒ අනුව මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය, හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න යන අය පත් කර තිබේ.

මෙම තිදෙනා පත් කිරීම සඳහා අවසාන එකඟතාවය දක්වා පැමිණ පාර්ලිමේන්තුවට නම් තුන යෝජනා කිරීමේදී එය තව දුරටත් කල් දැමීම සඳහා ස්ථාවර නියෝග ආදිය ඉදිරිපත් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක කටයුතු කරන ලදී. ඔහු සඳහන් කර සිටියේ මෙම සිවිල් නියෝජිතයින් තිදෙනාගේ නම් එම අවස්ථාවේ ඉදිරිපත් නොකර එළඹෙන පාර්ලිමේන්තුවාරයකට අදාළ න්‍යාය පුස්ථකයට ඇතුළත් කර පසුව ඉදිරිපත් කරන ලෙසය.

පැවති ව්‍යවස්ථා සභාවේ බහුතරයකගේ එකඟතාව නොලැබීමෙන් විගණකාධිපති පත් කිරීම මේ වනවිටත් පමා වී ඇති බැවින් තව දුරටත් එම කටයුතු පමා කර රට තුළ වෙනත් අර්බුදයක් නිර්මාණය කිරීමට විපක්ෂය ගෙන ගිය කුමන්ත්‍රණය ඊයේ මෙම පත්වීම් සිදු කිරීම තුළින් ඇහිරී ගියේය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here