මෝරුන් පහරදීම් ඔස්ට්‍රේලියාවේ ඉහළට

0
8

මෝරුන්ගේ පහරදීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවන පුද්ගල අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ, පැය 48ක් ඇතුළත මෝරුන් පහරදීම් සිදුවීම් 4ක් සිදුව ඇති බවය.

ඉන් සිදුවීම් තුනක්ම එරට නැගෙනහිර වෙරළ තීරයේ කිලෝමීටර් 15ක දුරක් ඇතුළත සිදුව ඇති බව මෝරුන් පිළිබඳ පර්යේෂකයන් පෙන්වා දෙයි.

ඉහත ප්‍රහාරවලට අමතරව ඉකුත් ජනවාරි 18 වනදා සිඩ්නි වරායේ පිහිනමින් සිටියදී 12 හැවිරිදි දරුවෙකු බරපතළ තුවාල සහිතව රෝහල් ගත කරන ලදී. 

ඊට පසුදින 11 හැවිරිදි දරුවෙකු පහරකෑමට Dee Why වෙරළ තීරණයේ දීද, ඒ අසල පිහිටි මැන්ලි හිදී පහරකෑ තවත් පුද්ගලයෙකුද බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතකර ඇත.

එමෙන්ම ජනවාරි 20දාද නැගෙනහිර වෙරළ තීරයේ කිලෝමීටර් 300ක් (සැතපුම් 186) පමණ දුරින් තවත් ප්‍රහාරයක් සිදුව තිබේ.

ඒ අනුව මෝරුන් පිළිබඳ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, වසර 20ක කාලස තුළ මෝරුන්ගේ පහරදීම් සීඝ්‍ර ලෙස ඉහළගොස් ඇති බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here