ඩුබායි සමාගමක් මඟින් රුසියාවෙන් ලබාගත් ගල්අඟුරු තොග, එම තොග ගෙන්වීමේදී නිසි ටෙන්ඩර් පටිපාටි අනුමනය නොකිරීම, අදාළ සමාගම්වල ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරුන් පිළිබඳ තොරතුරු ඇතුළු තොරතුරු රැසක් ආන්දෝලනාත්මක ගල්අඟුරු ටෙන්ඩරය පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ කැබිනට් අනුකමිටුව විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
මේ අනුකමිටුව, කම්කරු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත, අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර, කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති යන ඇමැතිවරු නියෝජනය කරති.
අනුකමිටුව පාර්ලිමේන්තුවේදී අවස්ථා ගණනාවක් රැස් වී ඇති අතර, කමිටුව ඉදිරියට බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා ගල්අඟුරු සමාගමේ ඉහළ නිලධාරීන් රැසක් කැඳවා ඇත.
මේ ආයතනවල ඉහළ නිලධාරීන් මෙන්ම ලිපිගොනු භාරව කටයුතු කරන නිලධාරීන්ද දින ගණනාවක් මේ කමිටුව හමුවට කැඳවා ඇති අතර, ඔවුන්ගෙන් ලබාගත් ප්‍රකාශ සහ තොරතුරු මත අදාළ වාර්තාව සකස් කරමින් සිටින බව අනාවරණය වේ.
මීට පෙර ගල්අඟුරු ටෙන්ඩර් ලබාදුන් ක්‍රමවේද, එහිදී අනුගමනය කර ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලීන් වැනි කාරණා කෙරෙහිද ඔවුන්ගේ අවධානය යොමුව ඇතැයි පැවසේ.
එම අනුකමිටු වාර්තාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට භාරදීමට නියමිතය.
කෙසේවුවද, අදාළ ආන්දෝලනාත්මක ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් නම ඇඳී ඇති පොටෙන්ෂියා එල්.එල්.සී. (Potencia L.L.C) සමාගම ලියාපදිංචි කර ඇත්තේ මේ වසරේදී බව පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිවී තිබිණි.
ඔවුන් මීට පෙර අවස්ථාවකදී වෙත් අයකුට ලැබුණු ටෙන්ඩරයක සැපයුම් කරුවකු ලෙස කටයුතු කර ඇති බවද පැවසේ.
ශ්‍රී ලංකා රජයට අයත් ලංකා කෝල් (Lanka Coal Company) සමාගම, Black Sand Commodities නැමැති ඩුබායි සමාගමකින් 2022–2025 කාලය සඳහා ගල් අඟුරු ගැනීමට ගිවිසුම්ගතව තිබිණි.
කෙසේවුවද, අදාළ සමාගමට ඇමෙරිකා රජය විසින් සම්බාධන (sanctions) පනවා තිබූ එකකි.
එසේ සම්බාධක පැනවුණද ගල් අඟුරු සැපයුම නොනවත්වා සිදුව තිබූ අතර, එය සිදු කර තිබුණේ පොටෙන්ෂියා එල්.එල්.සී. (Potencia L.L.C) සමාගමේ මැදිහත්වීමෙනි.
මූලාශ්‍රය – සිළුමිණ
සබැඳි පුවත්
Saru News










