වැටලීම් තුනකට අදාළ කල් ඉකුත් වූ භාණ්ඩ මෙට්‍රික් ටොන් 4.5ක් විනාශ කෙරේ

0
6

වත්තල හා හැඳල ප්‍රදේශවල සිදුකළ වැටලීම් 3කට අදාළව කල් ඉකුත් වූ භාණ්ඩ රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විසින් විනාශ කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වත්තල හා හැඳල ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන තුනකින් අත්අඩංගුවට ගත් කල් ඉකුත් වූ කරවල සහ රටඉඳි මෙට්‍රික් ටොන් 4.5කට අධික ප්‍රමාණයක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් මෙලෙස විනාශ කර තිබේ.

එම විනාශ කළ ද්‍රව්‍ය අතරට කල් ඉකුත් වූ රටඉඳි මෙට්‍රික් ටොන් 3.6ක්, කල් ඉකුත් වූ හාල්මැස්සන් මෙට්‍රික් ටොන් 1ක්, කල් ඉකුත් වූ කරවල කිලෝග්‍රෑම් 300ක් ද අයත් බව එම අධිකාරිය පැවසීය.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත්කල අංක 1875/38 (15.08.2014) දරන අතිවිශේෂ ගැසට් පත්‍රය  (නියෝග අංක 52 ) උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අදාළ වෙළෙඳුන්ට රු. 55,000 ක දඩ මුදලක් පසුගිය 27 වැනිදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර තිබුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here