සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද

0
6

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පත් කර ඇත.

කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා විසින් අදාල පත්වීම් ලිපිය කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා වෙත අද (09දා) දින ප්‍රවාහනල මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දී ප්‍රදානය කරන ලදි.

ගුවන් සේවා ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි කාලයක් නියලෙමින් ලබා ගත් අත්දැකීම් මත රටට හා සිවිල් ගුවන් සේවාවට විශිෂ්ට සේවාවක් ලබා දී ඇති ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වූ කපිතාන් රඹුක්වැල්ල මහතාල ගුවන් නිරුපද්‍රිතා, ගුවන් ආරක්ෂාවල ගුවන් යානා මෙහෙයුම්ල ගුවන් යානා යෝග්‍යතාල කාර්ය මණ්ඩල හා බලපත්‍රල අනතුරු විමර්ශනල ආරක්ෂක කළමනාකරණ පද්ධතිල නීති සැකසීම සහ නියාමන අනුකූලතාව යනාදිය විෂයන් පිළිබදව හසල දැනුමක් සහිත අයෙකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here