වෙනස් රසට ගෙදර හදාගන්න පුළුවන් ‍රසම රස පීසා ටොපින්ග්ස් 7ක්

0
11


මේක නම් හැමෝම කැමති මාතෘකාවක් වෙයි. මොකද පීසා කන්න අකමැති කෙනෙක් හොයාගන්නම නැති තරම් නේ. එහෙම පීසා කන ඔයා එක එක රසින් කන්නත් ආස ඇති. හැමදාම හදන ක්‍රමය පොඩ්ඩක් පැත්තකට කරලා මේ වගේ ටොපින්ග්ස් ටිකක් ට්‍රයි කරමුද? මෙච්චර කල් මොනාද පීසා කියලා හදන් කෑවෙ කියලා හිතෙයි. වැඩි කතා ඕනෑ ටොපික් එකට බහිමු. 

 

මොන ටොපින් එක දාන්නත් පීසා ඩෝ එක හදන් ඉන්න එපැයි. මුලින්ම ඒක හදමු.

 

පීසා ඩෝ එක

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මද රස්නෙ උණුවතුර කෝප්ප 1/2
  2. සීනි තේ හැඳි 1
  3. යීස්ට් තේ හැඳි 1
  4. පාන්පිටි කෝප්ප 2
  5. ඔලිව්තෙල් මේස හැඳි 2
  6. ලුණු තේ හැඳි 1

 

  • බෝල් එකකට උණුවතුර ටික දාගන්න. ඒකට සීනි එකතු කරන්න. යීස්ට් ටිකත් දාගන්න. හොඳට කලවම් කරලා යීස්ට් ටික ඇක්ටිව් වෙනකල් විනාඩි 5ක් තියන්න. 
  • මේකට පාන්පිටි ටික දාගන්න.  ඔලිව්තෙල් හා ලුණු දාගන්න. දැන් හොඳට අනන්න. සොෆ්ට්, අතේ ඇලෙන්නෙ නැති ඩෝ එකක් හදාගන්න. මේක පිටි ඉහ ගත්ත ලෑල්ලක් උඩට දාගෙන අල්ලෙන් තමන්ගෙ පැත්තට විරුද්ධ පැත්තට තල්ලු කරමින් අනන්න. ඩෝ එක හොඳටම සොෆ්ට් වෙනකම් විනාඩි 15-20ක් නීඩ් කරගන්න.
  • දැන් වටේට පිටි ටිකක් ඉහලා ලන්ච් ශීට් එකකින් වහලා පැය 2ක් පිපෙන්න තියන්න.
  • පැය 2කින් ආයේ හොඳට ඩෝ එක නීඩ් කරලා හුළං ගතිය ඇරල රවුම් දෙකක්
  • කඩාගෙන කලින් වගේම නීඩ් කරගන්න.
  • දැන් මේක පිටි ඉහපු තැටියකට දාලා රවුමට තුනී කරලා වටේ ගණකම් වෙන්න පීසා එක හදාගන්න. ටොපින් හා සෝස් දාන්න කලින් ගෑරැප්පුවෙන් ඇණලා හිල් හදාගන්න. 

 

1. පනීර් ටික්කා ටොපින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් පනීර් කෝප්ප 1
  2. මුදවපු කිරි කෝප්ප 1
  3. පාට දෙකෙන් කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/4 බැඟින්
  4. කොටුවට කපාගත් ළූණු ගෙඩි 1
  5. මිරිස්කුඩු තේ හැඳි 1/2
  6. කහකුඩු තේ හැඳි 1/4
  7. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  8. ගරම් මසාලා තේ හැඳි 1/4
  9. ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1/2
  10. දෙහි යුෂ තේ හැඳි 1
  11. ලුණු තේ හැඳි 1/4
  12. ඔලිව්තෙල් තේ හැඳි 1
  13. කපාගත් ඔලිව් ගෙඩි ස්වල්පයක් 
  14. කෑලිමිරිස් ස්වල්පයක් 
  15. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් 

 

  • බෝල් එකකට මුදවපු කිරි ටික දාලා මිරිස්කුඩු, කහකුඩු, කොත්තමල්ලි කුඩු, ගරම් මසාලා කුඩු, ඉඟුරු සුදුළූණු පේස්ට්, දෙහි යුෂ හා ලුණු දාලා කලවම් කරගන්න. ඒකට බෙල්පෙපර්, ළූණු හා පනීර් ටික දාලා ඔලිව්තෙල් ටිකත් දාලා කලවම් කරගන්න. පැය 2ක් මැරිනේට් කරගන්න. 
  • තුනීකරගත් පීසා ඩෝ එකට පීසා සෝස් ගාල මොසරැල්ලා චීස් අතුරලා 200°C ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 5ක් බේක් කරගන්න. 
  • එළියට අරන් හදාගත්ත ටොපින් එක දාගන්න. විනාඩි 20ක් බේක් කරගන්න. ආපහු එළියට අරන් උඩින් මොසරැල්ලා චීස් ටිකක් දාගෙන තව විනාඩි 5ක් බේක් කරගන්න. 

 

2. තන්දූරි චිකන් ටොපින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොඩියට කපාගත් කටු රහිත චිකන් ග්‍රෑම් 500
  2. ඔලිව්තෙල් ස්වල්පයක් 
  3. ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1
  4. මිරිස්කුඩු තේ හැඳි1
  5. කහකුඩු තේ හැඳි1
  6. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
  7. තන්දූරි පේස්ට් මේස හැඳි 3

 

  • පෑන් එකට ඔලිව්තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගෙන තෙම්පරාදු කරගන්න. 
  • ටිකකින් චිකන් ටික දාලා හොඳට ෆ්‍රයි කරගෙන මිරිස්කුඩු, කහකුඩු හා කොත්තමල්ලි කුඩු එකතු කරන්න. රස අනුව ලුණු එකතු කරන්න. 
  • ටිකකින් චිකන් වල වතුර ගතිය එනකොට හොඳට කලවම් කරලා තන්දූරි පේස්ට් එක දාගන්න. හොඳට කලවම් කරලා තව විනාඩි 8ක් වගේ තියලා ලිපෙන් බාගන්න. 
  • තුනීකරගත් පීසා ඩෝ එකට පීසා සෝස් ගාල මොසරැල්ලා චීස් අතුරලා 200°C ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 5ක් බේක් කරගන්න. 
  • එළියට අරන් හදාගත්ත ටොපින් එක දාගන්න. විනාඩි 15ක් බේක් කරගන්න. ආපහු එළියට අරන් උඩින් මොසරැල්ලා චීස් ටිකක් දාගෙන තව විනාඩි 5ක් බේක් කරගන්න. 

 

3. කොරියන් ටොපින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පෙති කපාගත් පෝක් ග්‍රෑම් 200
  2. සාදාගත් කිම්චි මේස හැඳි 2 (හදාගන්න හැටි දැනගන්න
  3. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස්
  4. තම්බාගත් ඉරිඟු ඇට හෝ ස්වීට් කෝන් කෝප්ප ½ 
  5. බේසිල් කොළ ස්වල්පයක් 
  6. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 1
  7. ඔලිව්තෙල් ස්වල්පයක් 
  8. ග්‍රීක් යෝගට් 1
  9. ගම්මිරිස්කුඩු ස්වල්පයක් 

 

  • පීසා ඩෝ එක තුනී කරගෙන ඩෝ එකට ඔලිව් තෙල් ටිකක් ගාගන්න. ඊළඟට චොප්කරගත් සුදුළූණු ටික අතුරගන්න. දැන් මේක 220 ට විනාඩි 10ක් බේක් කර ගන්න. 
  • ග්‍රීක් යෝගට් වලට ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. 
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා කිම්චි ටිකත් දාලා පෝක් ස්ලයිසස් ෆ්‍රයි කරගන්න. මේක හොඳටම පිසගෙන බේක් කරගත් පීසා ඩෝ එක උඩ අතුරගන්න. 
  • උඩින් කෝන් ටික දාලා මොසරැල්ලා ඉහගන්න. අන්තිමට බේසිල් කොළ ටික දාලා  200°C ට විනාඩි 15ක් බේක් කරගන්න. එළියට අරන් ග්‍රීක් යෝගට් ඉසගන්න. 

 

4. චිකන් ෆහීටා (Chicken Fajita) ටොපින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු ඉවත්කළ චිකන් ග්‍රෑම් 200
  2. ඔලිව්තෙල් ස්වල්පයක්
  3. කපාගත් බට්න් මශෲම් කෝප්ප 1
  4. කපාගත් බෙල්පෙපර් කෝප්ප 1 (පාට 2න්)
  5. කපාගත් ළූණු ගෙඩි 1
  6. ගාලික් පව්ඩර් තේ හැඳි 1
  7. රස අනුව ලුණු
  8. මිරිස්කුඩු තේ හැඳි 2
  9. කෑලිමිරිස් තේ හැඳි 1
  10. වියළි ඔරිගානෝ තේ හැඳි 1
  11. ලෙමන් යුෂ මේස හැඳි 1/2

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා චිකන් ටික දාලා ෆ්‍රයි කරගන්න. මේකට ගාලික් පව්ඩර්, ඔරිගානෝ, කෑලිමිරිස්, මිරිස්කුඩු දාලා රස අනුව ලුණු දාලා විනාඩි 2ක් පිසගන්න. 
  • ලෙමන් ජූස් ටික දාගන්න. ටිකකින් කපාගත් මශෲම් ටික දාලා තවත් විනාඩියක් පිසගන්න. 
  • අන්තිමට කපාගත් ළූණු හා බෙල්පෙපර් ටික දාලා තවත් විනාඩි 2ක් පිසගෙන ලිප නිවාගන්න. 
  • තුනීකරගත් පීසා ඩෝ එකට පීසා සෝස් ගාල මොසරැල්ලා චීස් අතුරලා 200°C ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 5ක් බේක් කරගන්න. 
  • එළියට අරන් හදාගත්ත ටොපින් එක දාගන්න. විනාඩි 15ක් බේක් කරගන්න. ආපහු එළියට අරන් උඩින් මොසරැල්ලා චීස් ටිකක් දාගෙන තව විනාඩි 5ක් බේක් කරගන්න. 

 

5. Beef Topping

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඔලිව්තෙල් ස්වල්පයක් 
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. අඹරාගත් බීෆ් ග්‍රෑම් 500
  4. ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1/2
  5. ලුණු හා ගම්මිරිස්කුඩු 
  6. මිරිස්කුඩු තේ හැඳි 1
  7. සූදුරු කුඩු තේ හැඳි1
  8. චොප්කරගත් තක්කාලි ගෙඩි 3
  9. ලෙමන් යුෂ මේස හැඳි 1

 

  • පෑන් එකට තෙල් ටිකක් දාගෙන රත් උනාම ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න. ඊළඟට බීෆ් ටික දාලා කලවම් කරගන්න. 
  • බීෆ් ටික හොඳට තැම්බුනාම ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න. තවත් විනාඩි 3ක් වගේ පිසගෙන ලුණු, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු හා සූදුරු කුඩු එකතු කරන්න. විනාඩි 5ක් කුක් කරගන්න. තක්කාලි ටික දාලා හොඳට බෙරි වෙනකල් පිසගන්න. 
  • ලෙමන් යුෂ ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න. 
  • තුනීකරගත් පීසා ඩෝ එකට පීසා සෝස් ගාල මොසරැල්ලා චීස් අතුරලා 200°C ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 5ක් බේක් කරගන්න. 
  • එළියට අරන් හදාගත්ත ටොපින් එක දාගන්න. විනාඩි 15ක් බේක් කරගන්න. ආපහු එළියට අරන් උඩින් මොසරැල්ලා චීස් ටිකක් දාගෙන තව විනාඩි 5ක් බේක් කරගන්න. 

 

6. සොසේජ් ඇන්ඩ් සිනමන් ඇපල් පීසා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොප්කරගත් සුදුළූණු ස්වල්පයක් 
  2. ඔලිව්තෙල් ස්වල්පයක් 
  3. ග්‍රේට් කරගත් දම් ගෝවා කෝප්ප 1
  4. කපාගත් සොසේජස් කෝප්ප 1
  5. සිනමන් ඇපල් කෝප්ප 1

 

  • සිනමල් ඇපල් හදාගන්නෙ මෙහෙමයි. ඇපල් ටික කපාගෙන ඔලිව් තෙල් ටිකක් දාපු පෑන් එකට දාලා කුරුඳු කුඩු ටිකක් උඩින් ඉහලා පෑන් ෆ්‍රයි කරගන්න. 
  • පීසා ඩෝ එක තුනී කරගෙන ඔයිල් ටිකක් ගාගන්න. ඊළඟට ගාලික් පේස්ට් එක ගාගන්න. 
  • ගෝවා සහ සොසේජස් වෙන වෙනම පෑන් ෆ්‍රයි කරගන්න. 
  • ගාලික් පේස්ට් ගාගත් පීසා ඩෝ එකට මුලින්ම ගෝවා අතුරගන්න. ඊට උඩින් සොසේජස් සහ සිනමන් ඇපල් ටික දාගන්න.
  • සෙල්සියස් 200°ට ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න. එළියට අරන් මොසරැල්ලා චීස් උඩින් දාගෙන තව විනාඩි 5ක් බේක් කරගන්න.

 

7. Oyako Don Pizza

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු ඉවත් කළ චිකන් ග්‍රෑම් 200
  2. සෝයාසෝස් මේස හැඳි 2
  3. මේපල් සිරප් හෝ පැණි මේස හැඳි 1
  4. කපාගත් ළූණු ගෙඩි 1
  5. බිත්තර කහමද 3

 

  • චිකන් වලට සෝයාසෝස් හා මේපල් සිරප් දාලා කලවම් කරලා පැය 8ක් මැරිනේට් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු ටික දාගන්න. දැන් මැරිනේට් කරපු චිකන් ටික දාගන්න. හොඳට කලවම් කරලා වහලා කුක් කරගන්න. 
  • විනාඩි 5කින් විතර ගසාගත් බිත්තර කහමද ටික දාගන්න. විනාඩි 5ක් වහලා පිසගන්න. හොඳට කලවම් කරලා ටිකකින් ලිප නිවාගන්න.
  • තුනීකරගත් පීසා ඩෝ එකට පීසා සෝස් ගාල මොසරැල්ලා චීස් අතුරලා 200°C ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 5ක් බේක් කරගන්න. 
  • එළියට අරන් හදාගත්ත ටොපින් එක දාගන්න. විනාඩි 15ක් බේක් කරගන්න. ආපහු එළියට අරන් උඩින් මොසරැල්ලා චීස් ටිකක් දාගෙන තව විනාඩි 5ක් බේක් කරගන්න.

 

The post වෙනස් රසට ගෙදර හදාගන්න පුළුවන් ‍රසම රස පීසා ටොපින්ග්ස් 7ක් appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here