කොළඹ ආනන්ද හා නාලන්දා විදුහල් අතර 96 වැනි වරට පැවති ‘සුලෝහිත සංග්‍රාමය’ මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (01) අවසන් විය.
දෙවිදුහල් අතර මෙසේ ජයපරාජයෙන් තොරව අවසන් වූ 77වන තරගය මෙය වේ.
කොළඹ SSC ක්‍රීඩාංගණයේදී තෙදිනක් පුරා පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආනන්ද විදුහල පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 353ක් රැස්කර ඉනිම අත්හිටුවීය.
ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නාලන්දා විදුහල සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 424ක් රැස්කර ඉනිම අත්හිටුවීමට කටයුතු කළේය.
දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම තරගය 1924 වර්ෂයේදී ආරම්භ වූවකි.
මෙය ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්විණි.
තරග 12ක ජය ආනන්ද විදුහලද, තරග 07ක ජය නාලන්දා විදුහල සතුව තිබුණි.














Saru News
















