9 වසර දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම ඇමති නලින්ද පහදයි

0
3

පුළුල් පරාසයක විහිදුණු කුළුණු 5ක් ඔස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉදිරි වසර 3 තුළ දී අනෙක් ශ්‍රේණිවලද ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

මෙම වසරේ දී පළවෙනි සහ 6 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බවත්, ලබන වසරේ 2 ශ්‍රේණියේ සහ 7 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ සිදු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2028 වසරේ 3 සහ 8 ශ්‍රේණි සඳහා මෙන්ම 2029 වසරේ 4වන සහ 9වන ශ්‍රේණි සඳහා ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත බවය.

ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ 9 වන ශ්‍රේණිය තෙක්ම සමස්ථ විෂය මාලාවන් ප්‍රතිසංස්කරණය සිදු වන බව ද ඒ මහතා පැවසීය. 

මෙම ප්‍රතිසංස්කරණවලට අදාළව විෂය මාලාවන් සංවර්ධනය සඳහා අධ්‍යාපන විශේෂඥයින් සම්බන්ධ වී ඇති බවත් පළමු වසරේ ප්‍රතිසංස්කරණ මේ වන විට ආරම්භ වී ඇති බවත් මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේවෙතත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ප්‍රතිසංස්කරණවලට අදාළව 6 වන ශ්‍රේණියේ විෂයමාලා වෙනස්කම් පමණක් ලබන වසර තෙක් කල් දැමීමට කටයුතු කළ බවය.

එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණවල පරමාර්ථය වන්නේ 21වන සියවසේ අභිගෝගවලට මුහුණ දිය හැකි පුරවැසියෙක් නිර්මාණය කිරීම වන බවද අමත්‍යවරයා පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here