අභිරහස් ලෙස තොටිල්ලක ලණුවක එල්ලී මිය ගියේ යැයි කියන පාසල් සිසුවියගේ සිරුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන ප්‍රදේශයේ පදිංචිව සිටි බගවන්තලාව කිලානි දෙමළ මහ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ජෙම්සියා නමැති සිසුවියයි.
14 දා පස්වරු 4:30ට පමණ නිවසේ තොටිල්ලක සෙල්ලම් කරමින් සිටි දැරිය කඹයේ එල්ලී සිර වී සිටි බවත්, පසුව ඇය රෝහල් ගත කරන විට මිය ගොස් ඇති බවත් ඥාතීහු පවසති.
මිය ගිය සිසුවියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත. බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන පවත්වයි.
නුවරඑළිය නාලක රත්නායක
Saru FM Media