78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

0
2

සටහන – රුවන් නෙළුගොල්ල

අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැඟෙන ලස්සන ලංකාවක් ලෙස ජාත්‍යන්තරයේ අපේ රට සන්නාමගත කිරීමට තමන් සමත් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ අනුව ගෙවුණු සියවසේ මඟහැරුණු ජයග්‍රහණ මෙරටට අත්කර දෙමින්, සියලු දෙනා එක්ව දකින සුන්දර සිහිනය වන ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීම සඳහා, එකමුතුව, තිර අදිටනින් සහ සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු’යි සියලු පුරවැසියන්ට යළි ආරාධනා කරමින්, නිදහසේ සැබෑ අරමුණු කරා අප රැගෙන යාමට දිරි වඩන, අර්ථවත් ජාතික නිදහස් දිනයකට සුබපැතුම් එක් කරන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ අදට (04) යෙදී ඇති 78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමිනි.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

2026 නිදහස් දින පණිවිඩය

78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතකය. ලාංකිකයන් ලෙස අප සැමගේ සාමූහික පොරබැදීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහගත ආර්ථික ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීමට වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී අපි සමත් වීමු. අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැඟෙන ලස්සන ලංකාවක් ලෙස ජාත්‍යන්තරයේ අපේ රට සන්නාමගත කිරීමට අපි සමත් වීමු.

අප ලද සාර්ව ආර්ථික ප්‍රතිලාභ ලංකාවේ සියලු පළාත්වල සියලු ජාතීන්ට අයත් ප්‍රජාව වෙත ගලා යාමට සැලැස්වීම අපගේ ඊළඟ ප්‍රධාන අරමුණ වේ. එය සිදු නොකර, අලුතින් ගොඩනැඟෙන සංවර්ධන ක්‍රියාදාමයේ සැබෑ රිද්මය සාක්ෂාත් කිරීමට නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here