78 වැනි ජාතික නිදහස් දිනය අදයි.
“ගොඩනගමු ශ්‍රී ලංකා” මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙවර නිදහස් උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නිලධාරීන් 287දෙනෙක් සහභාගි වීමට නියමිතව තිබේ.
යුද හමුදාව පැවසුවේ සෙසු නිලයන් 4,298 නිදහස් උත්සවය සඳහා එක්වීමට නියමිත බවය.
නිදහස් දින ප්‍රධාන අචාර පෙළ පාලිය සඳහා නාවික හමුදාවේ අංශය 8ක් නියෝජනය කරමින් නිලධාරින් එක්වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේය.
මෙවර නිදහස් උත්සවය සඳහා ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 62ක් සහ සෙසු නිලයන් 521 දෙනෙකු ඇතුළුව 583 දෙනෙකු එක්වීමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසුවේය.
Saru News








