78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ.
“ගොඩනගමු ශ්‍රී ලංකා” මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර එක්වුණි.
මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත ප්‍රභූ ආරාධිතයින් පැමිණෙමින් සිටී.
අද උදෑසන 7.50ට පමණ අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන මහතා නිදහස් චතුරස්‍රය වෙත පැමිණියේය.
මේ අතර, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ද උත්සව පරිශ්‍රය වෙත පැමිණ තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව පිළිගනු ලැබීය.
Saru News










