78වන අභිමානවත් නිදහස් දිනය අදයි

0
4

78 වැනි ජාතික නිදහස් දිනය අදට යෙදී ඇත.

ඒ අනුව “ගොඩනගමු ශ්‍රී ලංකා” මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

පසු­ගිය වසරේ නිද­හස් උලෙළ පැවැත් වූ ආකෘ­ති­යට අනුව සියලු සාම්ප්‍ර­දා­යික වැඩ­ස­ට­හන් සමඟ චාම් අන්ද­මින් මෙවර නිද­හස් උලෙළ පැවැ­ත්වෙන බව රාජ්‍ය පරි­පා­ලන ස්වදේශ කට­යුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහා­චාර්ය චන්දන අබ­ය­රත්න මහතා පැවැ­සීය.

නිද­හස් චතු­ර­ස්‍ර‍ෙය් පිහිටි මහා­මාන්‍ය ඩී.එස්. සේනා­නා­යක ශ්‍රීම­තා­ණන්ගේ පිළි­රු­වට පුෂ්පෝ­ප­හාර දැක්වී­මෙන් නිද­හස් උත්ස­වයේ වැඩ­ක­ට­යුතු ආරම්භ වේ. කොළඹ නග­රා­ධි­පති ව්‍රායි කැලී බල්ත­සාර් මහ­ත්මිය විසින් පුෂ්පෝ­ප­හාර දැක් වීම සිදු කරනු ලබයි.

මෙවර නිද­හස් උලෙළ සංස්කෘ­තික අංග රැස­කින් සම­න්විත වන අතර ත්‍රිවිධ හමු­දාව, පොලී­සිය, සිවිල් ආර­ක්ෂක බළ­කායේ සහ­භා­ගි­ත්ව­යෙන් නිද­හස් දින උලෙළේ ආචාර පෙළ­පා­ළිය පැවැත්වේ. ඒ සඳහා සහ­භාගී වන නිල­ධා­රීන්ගේ සංඛ්‍යාව 5000කට ආස­න්නය.

ගුවන් හමු­දාවේ බෙල් හෙලි­කො­ප්ටර් යානා තුනක් ජාතික ධජය පෙර­දැ­රිව ගුව­නින් ගමන් කිරී­මට සැල­සුම් කර තිබේ.

මෙවර ජාතික නිද­හස් දින සමරු උලෙ­ළට සම­ගා­මීව ශ්‍රී ලංකා නාවික හමු­දාව විසින් ජාතිය වෙනු­වෙන් පිදෙන ආචාර වෙඩි­මුර පැවැ­ත්වී­මද අද (04) මධ්‍යහ්න 12.00ට ගාලු මුව­දොර ඉදිරි මුහුදු තීර­යේදී ශ්‍රී ලංකා නාවික හමු­දා­වට අයත් යුද නෞකා­වක් මතදී පැවැ­ත්වී­මට කට­යුතු සූදා­නම් කොට තිබේ.

ශ්‍රී ලංකාව 1948 වර්ෂයේ නිද­හස ලබා­ගත් දා සිට ජාතික නිද­හස් දින­යට සම­ගා­මීව ශ්‍රී ලංකා නාවික හමු­දාව විසින් ජාතිය වෙනු­වෙන් සාම්ප්‍ර­දා­යික ආචාර වෙඩි­මුර 25ක් පිරි­න­මනු ලබයි.

78 වැනි නිද­හස් දිනය වෙනු­වෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව දිව­යිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රජයේ ආය­තන සහ ත්‍රිවිධ හමු­දාව, පොලී­සිය මඟින් දිව­යින පුරා විවිධ වැඩ­ස­ට­හන් සංවි­ධානය කොට තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here