77 වෙනි ඉන්දීය ජනරජ දිනය කොළඹ දී – දේශපාලන ප්‍රබලයින් රැසක් එකම වේදිකාවේ

0
10


77 වෙනි ඉන්දියානු ජනරජය දිනය නිමිත්තෙන් විශේෂ අමුත්තන් පිළිගැනීමේ උත්සවයක් ඉන්දියානු නිල නිවසේදී අද (26) රාත්‍රියේ පැවැත්වුණි. 

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්වූ අතර, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් විසින් සම්භාවනීය අමුත්තන් පිළිගනු ලැබීය.

විශේෂ ආරාධිතයන් ලෙස අග්‍රාමාත්‍යය හරිනී අමරසූරිය, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන,ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ද, සර්වජන බලයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඇතුළු පක්ෂ නායකයින් මෙන්ම රජයේ මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

මෙහිදී දෙරටේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ රචනා වූ ග්‍රන්ථ පිරිනැමීමක් ද සිදුවු අතර, පසුව සියලුදෙනා එක්ව රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here