77 වැනි ඉන්දීය ජනරජ දිනය අද (26) මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් ‘ඉන්ඩියා හවුස්’ හිදී සමරනු ලැබීය.
ඉන්දීය සාම සාධක හමුදාවේ මියගිය සෙබළුන්ට උපහාර දැක්වීමෙන් අනතුරුව මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් – සන්තෝෂ් ජා මහතා විසින් ඉන්දීය ධජය ඔසවනු ලැබීය.
මෙම අවස්ථාවට මෙරට සිටින ඉන්දීය ජාතිකයන් රැසක් එක්විය
May the Tiranga always fly high!
Celebrating the 77th #RepublicDay of India, High Commissioner @santjha unfurled the #Tiranga at India House, Colombo, joined by members of the Indian diaspora in a proud moment of unity and patriotism.#RepublicDay2026 @MEAIndia… pic.twitter.com/ftFE7zbb8Q— India in Sri Lanka (@IndiainSL) January 26, 2026
77 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස්තුමා සහ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිහු ශ්රී ලංකාවේ සාමය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර ඉන්දීය සෙබළුන් සිහි කරමින් ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියස දී උපහාර පුද කළහ.
#RepublicDayIndia@MEAIndia…— India in Sri Lanka (@IndiainSL) January 26, 2026
Saru News








