6 ශ්‍රේණිය සඳහා අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට

0
8


05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණියට ඇතුළත් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

අභියාචනා ඉදිරිපත් කිරීම අද (09) දින සිට (30) දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ/

උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කළා.

ඒ සඳහා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස ලබා ගත හැකියි.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here