සටහන – පුලී
ජනවාරි 30, කොළඹ (LNW): 41 වන මිසිස් වර්ල්ඩ් තරඟයේදී ශ්‍රී ලංකාවේ සබීනා යූසුෆ් දෙවන අනුශූරතාවයට පත් වී ඇති බව වාර්තා වෙයි. මෙම කීර්තිමත් ගෝලීය තරඟයේදී රටට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දීමට ඇය කළ කැපකිරීමට යම්කිසි වටිනාකමක් අත්කර දීමට ඇය සමත් වීම රටට ආඩම්බරයක් ගෙන දෙන කරුණකි.
මීට අමතරව, ඇය මිසිස් ෆොටෝජෙනික් අනු කාණ්ඩ ජයග්‍රහණයක් දිනා ගැනීමට ද සමත් විය.
තායිලන්තයේ Chanita Seedaket Craythorne 2025 මිසිස් වර්ල්ඩ් කිරුළ හිමිකර ගත් අතර, එක්සත් ජනපදයේ Paige Ewing පළමු අනුශූරිය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව;
• ජයග්‍රාහකයා (මිසිස් වර්ල්ඩ් 2025): තායිලන්තය – Chanita Seedaket Craythorne
• පළමු අනුශූරතාවය: එක්සත් ජනපදය – Paige Ewing
Saru News










