3% වට්ටම නොදුන්නොත් හිලව්වට තෙල් බෙදීම අකුරට – තෙල් බෙදුම්කරුවෝ

0
2

ඉන්ධන බෙදුම්කරුවන්ට ලබාදුන් සියයට 03ක වට්ටම් මුදල අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළ ද මෙරට ඉන්ධන ව්‍යාපාරයේ යෙදී සිටින ලංකා අයි ඕසී සමාගම සහ සිනොපැක් සමාගම්වලට එම වට්ටම් මුදල ලබාදෙන බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වට්ටම් මුදල ලබාදීමට කටයුතු නොකරන බැවින් ඉදිරියේදී සියලුම බෙදුම්කරුවන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට එළඹෙන බවය.

ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමට ඉන්ධන ඇනවුම් කිරීමට සහ පිරවුම්හල් නඩත්තු කටයුතු සඳහා ඉන්ධන බෙදුම්කරුවන්ට මූල්‍යමය හැකියාවක් නොමැති අතර මෙම වට්ටම් මුදල ලබානොදෙන්නේ නම් සිදුවන්නේ පිරවුම්හල් වසා දැමීමට බවත් ඔහු අරුණට පවසා සිටියේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් පමණක් මෙම ගැටලුව සඳහා මුහුණ දෙන බවත් මෙම වට්ටම් මුදල ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී බෙදුම්කරුවන්ට යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සඳහා යොමුවීමට හැකි බවත් හෙතම වැඩිදුරටත් පැවැසුවේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here