26 මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 2ක් – 27ත් එකක්

0
12


එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව පෙරේදා (26) දිනයේදී අපරාධමය පැමිණිලක් හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට අදාළ පැමිණිලි 02ක් ලැබී ඇති බව පොලීසිය නිවේදනය කරනවා.

ඒ අනුව 26 වාර්තා වූ අපරාධමය පැමිණිල්ල පානදුර පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වන අතර එදින හොරණ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණ කාන්තාවකට බැන තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමවලට අදාළව එක් පැමිණිල්ලක් මඩකලපුව පොලිස් කොට්ඨාසයේ වාලච්චේන පොලිස් ස්ථානයෙන් වාර්තා වී ඇති අතර නිවසින් නිවසට ගොස් හාල්, සරම් හා මුදල් ලබා දෙන බවට පැමිණිල්ලක් එලෙස ඉදිරිපත් වී තිබෙනවා.

27 වන දිනට අදාළ පැමිණිල්ල මොණරාගල පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අලගියාවත්ත, මරගලවත්ත, කුමාරවත්ත හා කිරිමණ්ඩල මාවතේ දේවාල ආසන්නයේ ප්‍රචාරක පුවරු සවිකිරීමකට අදාළවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here