1865 වසරේ අනුරාධපුරයේ පැවැති පොසොන් උත්සවයට සහභාගි වූ මේ රට බෞද්ධ ජනතාවගේ හැසිරීමේ විනීතභාවයත් සංවරශීලීත්වය හා ස්වයං විනය පිළිබඳ එකල අනුරාධපුරයේ කටයුතු කළ සුදු ඒජන්තවරයා විසින් එංගලන්ත ආණ්ඩුවට ලියා යවනු ලැබූ වාර්තාවක ඔහු සිය විමතිය පළකරමින් අදාළ සිද්ධිය ගැන වාර්තා කර තිබූ අන්දම මෙසේය. හොඳින් මේක ශ්‍රවණය කළාම තේරෙයි ඔබවහන්සේලා විසින් මේ රටේ මිනිස්සුන්ගේ ඒ ආකල්ප හොඳ පැත්තටද හරවලා තියෙන්නේ, නරක පැත්තටද කියලා. බලන්න මේ කතාව. Sri Lanka Latest News
‘1865 අවුරුද්දේ ජූනි මාසයේ අනුරාධපුරයේ ආගමික උත්සවයක් පැවැත්වූවා. මෙම ආගමික උත්සවයට 25,000කට අධික පිරිසක් අනුරාධපුරයට පැමිණියා. ඔවුන් ගස් යට, විශ්‍රාම ශාලාවල සහ ඉඩ ඇති ස්ථානවල රාත්‍රී තුනක් සහ දවල් හතරක් සිටියා. ආගමික වතාවල යෙදී ඔවුන් ආපසු යන්නට ගියා. මා මේ දින හතරේදී පිරිස හසුරුවන්නට එකදු පොලිස් නිලධාරියකු හෝ යෙදවූයේ නැත. කිසිම ආරවුලක් හෝ ගැටුමක් පිළිබඳ කිසිම පැමිණිල්ලක් ද ලැබුණේ නැත. මම ඔවුන් හිටපු ස්ථාන බලන්න ගියා. අපවිත්‍ර ද්‍රව්‍ය කිසිවක් එහි තිබුණේ නැත. ඒ තැන් බොහෝම පිරිසිදුවට තිබුණේ මේ මිනිසුන්ගේ හැසිරීම බොහෝම පුදුමාකාර බව පසක් කරමිනි. ඒගොල්ලෝ ගහකට පූජනීය වස්තුවක් කියලා වඳිනවා. මමත් ඒ ආගමික ස්ථානයේ හාමුදුරුවන් සමග ඒ පිළිබඳ කතා කළ විට මම මහත් පුදුමයට පත්වුණා. නමුත් මට හාමුදුරුවෝ පින් කැටය කියලා එකක් පෙන්නුවා. ඒක මුදල්වලින් පිරී තිබුණා. නමුත් ඒකට මුරකාවල් යොදා තිබුණේ නැහැ. පසුව මට දැනගන්න ලැබුණා ඒ පින් කැටයේ රිදී කාසි පමණක් 4000ක් තිබුණා කියලා. මේ ස්වදේශිකයන් පිළිබඳ මට හරිම පුදුමයක් ඇතිවුණා මේ තරම් මුදල් ප්‍රමාණයක් සොරකම් නොකිරීම පිළිබඳ. ඔවුන්ගේ හැදියාව පිළිබඳ මම මහත් සේ පුදුමයට පත්වුණා….’ ඔන්න ඕකයි කතාව. දැන් පැහැදිලියි නේද?
1865 තිබුණු ඒ ස්වයං විනයක් සහිත බෞද්ධයාගේ හැදියාව 2025 වෙනකොට මේ තරම් ජරාජීර්ණ වුණේ 365 දවසෙම බණ අහපු මිනිස්සු ඉන්න රටක. යූටියුබ් හරහා බණ ඇහෙනවා. වෙනම බෞද්ධ චැනල් තියෙනවා. රජයේ මාධ්‍ය හරහා බණ ප්‍රචාරය කරනවා. රටේ හැම තැනම බණ කියනවා. ඒ කියන්නේ හොඳටම ප්‍රමාණවත්. මේ වගේ බණ ඇහෙන, බණ කියන රටක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති. මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ස්වයං විනය ඒ විදියට බණ කියලාවත් හදන්න බැරිවෙලා තියෙනවා. කවුද මේකට වගකියන්න ඕනේ? වගකියන්න ඕනේ වෙන කිසිම කෙනෙක් නෙවෙයි. මේ සුදු ජාතිකයන්ගේ පදයට නටපු කළු සුද්දෝ සහ ඒ චීවර ප්‍රතිරූපකයන් මේ රටට කරපු විනාශය තමයි මේ. මම මේ කතාකරන්නේ ආර්ථිකය නෙවෙයි. මම මේ කතා කරන්නේ දේශපාලනය නෙවෙයි. මම කතා කරන්නේ මිනිසා තුළ තියෙන ස්වයං විනය සම්බන්ධව. ස්වයං විනය ඇතිකරන්න ඕනේ දහම හරහා.
‘උරුමය’ ෆේස්බුක් පිටුවෙනි
Saru FM Media